හෙරොයින් සන්තකයේ තබාගත් තරුණයෙක් අත්අඩංගුවට | දිනමිණ

හෙරොයින් සන්තකයේ තබාගත් තරුණයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් පහළොවයි මිලි ග්‍රෑම් නවසිය හැත්තෑවක් සන්තකයේ තබා ගත් තරුණයකු දැදිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැදිගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරින් පිරිසක් විසින් දැදිගම ත්‍රීරෝද රථ ගාලේදි සැකකරුත් හෙරොයින් තොගය සහ ඔහු පැමිණි යතුරු පැදියත් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු හෙට්ටිමුල්ල වැවතැන්නේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.ඔහු ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මේ පිළිබඳව වැඩිදුරරීක්ෂණ දැදිගම පොලිසිය පවත්වයි. 

දයාරත්න බණ්ඩාර
කෑගල්ල දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න