ගලෙන්බිදුණුවැව සති පොළේ හොර නෝට්ටු මාරු කළ කත මාට්ටු | දිනමිණ

ගලෙන්බිදුණුවැව සති පොළේ හොර නෝට්ටු මාරු කළ කත මාට්ටු

 ගලෙන්බිදුණුවැව සති පොළේදි ව්‍යාජ මුදල් මාරු කරමින් සිටි කාන්තාවක් එම මුදල් සමග ගලෙන්බිදුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ව්‍යාජ මුදල් හුවමාරු වෙන බවට ගලෙන්බිදුණුවැව පොලිසියේ බුද්ධි අංශයට ලැබු තොරතුරක් මත සිදු කළ පරික්ෂාවේදි රුපියල් දහසේ(1000) මුදල් නෝට්ටුවක් මාරු කිරිමට යාමේදි එම කාන්තාව සති පොළේදි අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය ගලෙන්බිදුනුවැව ,පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක(50) කාන්තාවකි.ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.යු.සුජිව කුමාර මහතාගේ උපදෙස් පරිදි සිද්ධියට සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

ඡායාරූපය - අනුරාධපුර මධ්‍යම සමුහ 

 

නව අදහස දක්වන්න