මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක පිරිලා | දිනමිණ

මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක පිරිලා

හලාවත මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාදම්පේ තිනිපිටි වැව ජලජ ශාක වලින් පිරී පවතී. මාදම්පේ ප්‍රදේශයේ කුඹුරු අක්කර දහසකට අසන්න ප්‍රමාණයක් මින් පෝෂණය කෙරේ.

වසර ගණනාවකින් මෙම වැවෙහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුකර නැත. ප්‍රදේශයේ ගොවි සංවිධාන පැවති රජයන්ගෙන් මෙහි ජලජ ශාක ඉවත්කර පිළිසකර කරදෙන ලෙස කොතෙකුත් ඉල්ලා සිටියත් ඉන් පලක් නොවූ බව ගොවීහු පවසති.වාන් දොරටුද කැඩී ගොස්ය. පවතින වියළි කාලගුණය හේතුවෙන් වැවේ ජල මට්ටම පහත ගොස් ඇති නිසා එහි ජලජ ශාක ඉවත් කර ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

ඡායාරූපය - මිහිර විජේසේකර -මාරවිල සමුහ

නව අදහස දක්වන්න