නායයෑම් පිළිබදව අවධානයෙන් ඉන්න | දිනමිණ

නායයෑම් පිළිබදව අවධානයෙන් ඉන්න

අධික වැසි හේතුවෙන් නායයෑම් පිළිබදව අවධානයෙන් සිටින ලෙස රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

කුකුලේගග ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහළ ජනාතාවට සැලකිලිමත් වන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

                                                       මහජනයා සඳහා කාලගුණ අනාවැකි

                                     2017අගෝස්තු මස19 වන දින උදෑසන 05.30ට නිකුත් කරන ලදි

දිවයින හරහා (විශේෂයෙන් ඌව, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර සහහම්බන්තොට දිස්ත්‍රික්කවල) සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තරමක තද සුළං බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

වයඹ සහ ඌව පළාත් වලත්,කොළඹ,ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාරකීපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල(මි.මි.75පමණ) තරමක තදවැසිද බලා පොරොත්තුවිය හැක.

 

නව අදහස දක්වන්න