මැටි කඩන්නයි: වළං විකුණන්නයි අපි විඳින්නේ දහ දුකක් | දිනමිණ

මැටි කඩන්නයි: වළං විකුණන්නයි අපි විඳින්නේ දහ දුකක්

මැටි වළං කර්මාන්තයේ නියැලී සිටින බෙලිඅත්තේ මිහිඳුපුර චන්ද්‍රාවතීගේ දැන් වයස අවුරුදු 48 කි. ඇය පාරම්පරිකවම මැටි වළං කරමාන්තයේ යෙදිමින් තම ආර්ථික ශක්තිමත් කර ගැනීමට අපමණ වෙහෙසක් දරයි. අද වන විට වෙළෙඳ පොළේ මැටි වළංවලට එතරම් ඉල්ලුමක් නොමැති වුවත් එම තත්ත්වයන්ට මුහුණ දෙමින් තම නිෂ්පාදනයන් අලෙවි කර ගැනීම සදහා ඇය ගන්නා වෙහෙස අපමණය.

චන්ද්‍රාවතී මහත්මිය - අපේ අම්මල තාත්තලත් ඒ කාලේ කලේ මේ මැටි වළං හදන එක. පොඩි කාලේ ඉඳලා බලාගෙන ඉදලා මට නොයෙකුත් විදියේ වළං වර්ග හදන්න පුළුවන්. ඇතිළි, බත් උයන මුට්ටි, මූඩි, නෑඹිලි, කළගෙඩි, ගුරුලේත්තු, මල් පෝච්චි, කිරි මුට්ටි මේ වගේ ඕන දෙයක් මට හදන්න පුළුවන්. සමහර අය ඇවිල්ල ඒ අයට ඕන වන වර්ගවල වළං හදාගෙන යනවා. මැටි කඩාගෙන ආවට පස්සේ ඒවා මෝලකට දීල හීනි වෙන්න අඹරවගන්න ඕන. එහෙම නැතිව වළං හදන්න බෑ. එක එක වර්ගවල වළං හදන කොට ඒකට අතේ හුරුවත් තියෙන්න ඕන. මගේ ස්වාමි පුරුෂයා තමයි තමයි උදව් උපකාර කරන්නේ. දුර ඈත ගිහිල්ලා මැටි කඩලා ගෙනත් දෙනවා. ඒ වගේම මම හදන වළං පොළවල්වලට ගිහිල්ලා විකුණන්නේ එයා තමයි. අපේ ගෙදරදොරේ එදිනෙදා වැඩ කටයුතු සදහා වියහියදම්වලට කීයක් හරි හොයා ගන්නේ මම මේ කරන රැකියාවෙන් තමයි.

රෝහණ ආරියරත්න - හම්බන්තොට

නව අදහස දක්වන්න