දුම්රිය ගේට්ටුකරු වැ‍ටුපට විසැඳුම් දෙන්න අගමැති සූදානම් | දිනමිණ

දුම්රිය ගේට්ටුකරු වැ‍ටුපට විසැඳුම් දෙන්න අගමැති සූදානම්

 ශීලා උඩුවර

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ වැ‍ටුප සම්බන්ධයෙන් ඇති ගැටළුව නිරාකරණය කර ගැනිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති ජේ.ඒ‍.සී. ප්‍රේමලාල් මහතා පැවසිය.

සති දෙකක් ඇතුළත මෙයට විසඳුමක් නොලැබුණ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද ඒ මහතා සඳහන් කෙළේය.

දුම්රිය හරස්මාර්ග 687 ක් පමණ තිබෙන බවත් එම හරස්මාර්ගවල 2167 ක් සෙවය කරන බවත්, ලැබෙන මුදල මදිනිසා එම අය දිනෙන් දින සේවය අත්හැර යන බවත්, ප්‍රේමලාල් මහති කියයි.

වැඩකරන දිනකට රුපියල් 250 ක දිමණාවක් ලැබෙන අතර 31 වැනිදා වැඩ කළත් කිසිදු දිමණාවක් නොලැබෙන බවත්, ඒ මහතා පවසයි.

‍මේ වසර තුළ දුම්රිය හරස් මාර්ග 200 ක බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ස්ථාපිතකිරීම සඳහා සැලසුම් කර ඇති නමුත් එය තවමත් නිමකර නොමැති බවත්,අනතුරු වැඩියෙන් සිදුවන ස්ථාන වල පළමුවෙන් ඒවා ස්ථාපිත කරන බවත්, එයින් පසුව ගේට්ටුකරුවන්ට කුමන් වන්නේදැයි නොදන්නා බවත් ප්‍රේමලාල් මහතා කිය. 

නව අදහස දක්වන්න