තඹුත්තේගම බාල දක්ෂයන්ට පිහිනුම් හා ජීවිතාරක්ෂක පුහුණුව | දිනමිණ

තඹුත්තේගම බාල දක්ෂයන්ට පිහිනුම් හා ජීවිතාරක්ෂක පුහුණුව

 තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයන් හට පිහිනුම් හා ජීවිතාරක්ෂක පුහුණු කදවුරක් ඉකුත් දා පැවැත්විණි. තඹුත්තේගම, නල්ලච්චිය වැව් ඉස්මත්තේ දී පැවැති මෙම වැඩසටහන සඳහා බාලදක්ෂයන් 50 ක් සහභාගි වූහ. අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මඟින් බාලදක්ෂයන්හට ජීවිතාරක්ෂක පුහුණුව ලබා දුන් අතර අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන් ජයවර්ධන , පොලිස් සැරයන් පියරත්න, පොලිස් කොස්තාපල් ගුණතුංග, මුණසිංහ, අබේකෝන්, සේනාරත්න, සමීර, ප්‍රදීප් යන මහත්වරුන් මෙහි උපදේශකවරු ලෙස කටයුතු කළහ.

නල්ලච්චිය ජලාශය හා එහි දූපත ආශ්‍රිතව මෙන්ම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුරය පිහිනුම් තටාකයේ දී ද විශේෂ පුහුණුවීම් රාශියක් පුහුණු සැසිය තුළ දී පැවැත්විණි. පිහිනුම් ක්‍රම, දියේ ගිය පුද්ගලයෙක් බේරා ගැනීම, ප්‍රථමාධාර ආදී විශේෂ පුහුණු ක්‍රියාකාරකම් රැසක් මෙහි දී ක්‍රියාත්මක විය.

බාලදක්ෂ ජීවිතයට නව ඇත්දැකීම් රාශියක් ලබා දුන් මෙම පුහුණු කදවුරේ සමාප්ති උත්සවය තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එම්. ජී. එස්. ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම වෙළෙඳ සංගම් ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට තඹුත්තේගම විද්‍යාලයේ විදුහල්පති ඩී. එම්. එස්. සුනිල් ජයසිංහ මහතා, බාලදක්ෂයන් හා මවුපියන් රැසක් සහභාගි වූහ.

ඡායාරූප- තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්.ප්‍රදීප් 

නව අදහස දක්වන්න