සෙනඟ දිහා බලලා ජනාතාව කාටවත් ඡන්දය දෙන්නෙ නෑ | දිනමිණ

සෙනඟ දිහා බලලා ජනාතාව කාටවත් ඡන්දය දෙන්නෙ නෑ

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

ජනතාව රැල්ල දිහා හෝ සෙනඟ දිහා බලලා ඡන්දය දෙන්නේ නැහැ. පසුගිය ජනාධිපති වරණයේ දී සෙනඟ වැඩියෙන් හිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් වලයි. එදා පොළොන්නරුවේ තැබු රැස්වීමට විශාල සෙනඟක් ආවා. මුළු පොළොන්නරුවම නිල් පාටයි.සෙනඟ මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් වලට ආවාට සෙනග වැඩිය ආවේ නැති මෛත්‍රීපාල සිරිසේන මහාතා ජයග්‍රහණය කළේ යැයි ධීවර ඇමති මහින්ද අමරවීර මහතා(12) ගාල්ලේ දී පැවැසීය.

ගාල්ල ද ගෝල් ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් ඇමැතිවරයා මේ බව කීය.

ඇමතිවරයා මෙසේ ද පැවැසීය.ඉකුත් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට බෙදන්න තියෙන සියලුම දේවල් බෙදුවා. නොබෙදු දෙයක් නැහැ. ඒත් ජනපතිවරණයෙන් මහින්ද මහත්තය පරාදයි ඡන්දය දිනන්න මිලියන ගණන් මුදල් වියදම් කළා. මටත් මිලියන 765ක් ලැබුණා. අනෙකුත් පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් මිලියන 400ය පන්සීය බැගින් මුදල් දුන්නා. අපිට දුන් මුදල් සියල්ල අපි වියදම් කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලොකුවට ගිරිය පුම්බන් කෑගහන ඒකාබද්ධයේ ඇතැම් පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සල්ලි අරගෙන ගෙදරට වෙලා හිටියා.මේ ලෝකේ දෙයක් කළේ නැහැ මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටර් ගැහුවා කටවුට් ගැහුවා එතුමාගේ රැස්වීම් වල සෙනග හිටියා.ඒත් මහින්ද මහත්තයා පැරදුනා කුජිත වුණා.

එදා ජනාධිපතිවරණ කාලයේ හම්බන්තොට කුඹුරු මැදින් කාපට් පාරවල් හැදුවා කැළේ මැද කාපට් පාරවල් හැදුවා ජනතාව ඉල්ලන්නෙත් නැතුව කොන්ත්‍රාත් කාරයන්ට ඕන විදිහට පාරවල් හැදුවා

සමෘද්ධි ලාභීන්ට ගෙවල් පේන්ට් කරන්න චෙක්පත් මගින් මුදල් ලබා දුන්නා. රුපියල් ලක්ෂ හය දහසක සිල් රෙදි බෙදා දුන්නා දැන් ඒකට ඔය හුට පටයකුත් තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරුන්ට ජනතාවට අනෙකුත් සියලු දෙනාට අල කිලෝ පහ බැගින් නොමිලේ බෙදා දුන්නා ඡන්දෙට බෙදුවේ නැති දෙයක් නැහැ

සතිපතා දිනපතා මහින්ද රාජපක්ෂ මහතාගේ පෝස්ටර් ගහනවා ඒවා වහල තව මහින්ද මහත්තයාගේම පෝස්ටරයක් ගහනවා ජනපතිවරණ කාලේ ගෙවල් පත්තර වලින් පිරිලා. පෝස්ටර් ගහන්න පාප්ප පින්සල ඉනිමඟ විතරක් නොවෙයි කොඩිකණුත් දුන්නා

පෝලිම් බුත් වල සිටි අයට වියදම් කරගන්න රුපියල් 10000 බැගින් ලබා දුන්නා හම්බන්තොට අයට රුපියල් 20000 ගණනේ දුන්නා සමහරු හම්බන්තොට ඒකාබද්ධයේ කෑ ගහන මන්ත්‍රීවරු වැඩ නොකර සල්ලි අරන් ගෙදරට වී සිටියා දැන් අපි මැතිවරණ වලට ප්‍රවේශ වෙලා අපි මැතිවරණ වලට භය නැහැ පළාත් පාලන මැතිවරණය මේ වසර අවසානයට පෙර පවත්වනවා පළාත් සභා තුනක මැතිවරණත් නියමිත කාලයට පවත්වනවා

යහපාලන ආණ්ඩුව යටතේ අපි ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා ජී.එස්.පී ප්ලස් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීම ඒ අතර ප්‍රධානයි. එදා විමල් වීරවංශ විදුලි පුටුව ගැන කතා කළා.ප්ලාස්ටික් පුටුවල වාඩි වී සිටි අය වීරවංශගේ කතාවෙන් පසු නැගිට්ටේ විදුලිය වැදිලා වගේ.අද විදුලි පුටු නැහැ ජාත්‍යන්තර යුධ අධිකරණ නැහැ

අපි රටේ ඉඩම් විකුණන්නේ නැහැ. හම්බන්තොට වරාය ආසන්නයේ අක්කර 1500ක් දෙන්න චමල් රාජපක්ෂ මැතිතුමා සැළසුම් හදා තිබුනා.අපි එය අක්කර 1100ය දක්වා අඩු කළා. ඇමතිවරයා සදහන් කළේය.

නව අදහස දක්වන්න