උමාඔය පෙත්සම - සැප්තැම්බරයේ යළි සළකා බැලේ | දිනමිණ

උමාඔය පෙත්සම - සැප්තැම්බරයේ යළි සළකා බැලේ

උමාඔය ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව පෙත්සම යළි බැලීම සැප්තැම්බර් මස 29 වනදා කල් ගියේය.

පරිසර යුක්ති කේන්ද්‍රය හා උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවීන් පිරිසක් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම ව්‍යාපෘතිය නිසි පරිසර තත්ත්වයන්ට අනුකූල නොවන බවට නෝර්වේ විශේෂඥයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වී ඇති බවයි.

නව අදහස දක්වන්න