Fashion Bug නවතම කාන්තා විලාසිතා රැල්ල වැල්ලවත්තෙන් එළිදැක්වේ | දිනමිණ

Fashion Bug නවතම කාන්තා විලාසිතා රැල්ල වැල්ලවත්තෙන් එළිදැක්වේ

කාන්තා ඇඳුම් විලාසිතාවන් අතර කැපී පෙනෙන, කාලයේ තාලයට ගැළපෙන, මනබඳින විලාසිතා මාදිලි 4 ක් වැල්ලවත්තේ පිහිටි සිය නවතම ප්‍රදර්ශනාගාරයේදී ‘ෆැෂන් බග්’ (Fashion Bug) විසින් ඉකුත් දා එළිදක්වන ලදී.

Nellrose Aya Amani සහ Miss - Me ලෙසින් නම් වූ එම විලාසිතා, මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ නම රැන්දූ මෙරට ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ අපූරු නිපැයුම් වේ. විලාසිතා කලාවේ තමන්ටම ආවේණික විලාසිතා රටාවක් බිහි කළ සචිනි අයේන්ද්‍රා සහ ෂෙහානි කඳවල ඇතුළු තරු රැසක් සමඟ ෆැෂන් බග් හී ප්‍රමුඛ ගනුදෙනුකරුවන්, මාධ්‍ය නියෝජිතයන් හා සුබපතන්නන් ඇතුළු පිරිසක් ඉදිරියේ මෙම විලාසිතා එළිදැක්ම සිදුවිය.

මෙම විලාසිතා එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ Fashion Bug අධ්‍යක්ෂ, ෂබීර් සූබියන් මහතා, Fashion Bug හැමවිටම දේශීය විලාසිතා කර්මාන්තය ඔසවා තැබීමේ අරමුණින් යුක්තව කටයුතු කරනවා. මෙම එළිදැක්වීමේ කටයුත්ත දියත් වනුයේ ද එම අරමුණ පෙරදැරිවයි. මෙය අලුත්ම සහ දුර්ලභ ඇඳුම් මෝස්තරයන් සොයා යන කාන්තාවන් උදෙසා කාර්යාලයට සහ එදිනෙදා අනෙකුත් සාමාන්‍ය වැඩ කටයුතු සඳහා කදිම විලාසිතා එකතුවක් බව සාඩම්බරයෙන් පැවසිය හැකියි’ යනුවෙන් පැවසීය.

අද මේ නිකුත් කරන නව විලාසිතාවන් ඒ ඒ සංස්කෘතීන් හී නා නා මාදිලියේ විලාසිතා පිපාසයකින් පෙළෙන කාන්තාවන් සඳහා වන අතර සමූහ සන්නාමයක් ලෙසින් එය අපේ වැදගත් සාධකයක් බවට පත්වෙනවා’ යැයි පැවැසීය.

නව අදහස දක්වන්න