දරුවන් දෙදෙනෙකු හා තමා අතහැර ගිය සිය බිරිද නිසා හටගත් වේදනාව සමනය කර ගැනීමට විශාල සරුන්ගල් සාදා ඉහළ අහසට යවන පුද්ගලයෙක් පසුගියදා අපට හමුවිය'
ඔහු නමින් ඒ .ඩබ්. ඒ .රෝහණ කුමාරයි.
බමුණාකොටුව පිටවල ලෝකාහෙට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු මෙසේ පැවසීය.
මගේ වයස දැන් අවුරුදු 40 ක් එයා රට ගියා එහිදී වෙනස් උනා. එයාගේ ඉඩම්වල මම පදිංචි වෙලා සිටියේ පස්සේ ඔයාත් එපා ඔයාගේ දරුවොත් එපා කියලා එයා යන්න ගියා. මට පාරට බහින්න සිදු උනා. මගේ පොඩි පුතා මහණ වෙලා. පසුගිය කාලේ හාමුදුරුනමක් අපවත් කරල කෙනෙක් මැරුණ සිදු වීමක් අපි මාධ්‍ය තුළින් දුටුවා. මම එහෙම කෙනෙක් නොවෙයි මට සමාජෙට පණිවිඩයක් දෙන්න ඕන උනා.
ඒ නිසයි මම කාටවත් හානි නෙවෙන මේ වගේ වැඩ කරන්නේ. මෙ සරුන්ගලයේ පළල 36 උස 28 යි නැටට්ට අඩි 72 ක්. උණ ගස් පොහොර බෑග් සහ කොහු ලණු වලින් සාදා තිබෙන්නේ. 2009. 2010 .2011 මේවා මෙසේ විශාල සරුන්ගල් සෑදුවා. මෙ සරුන්ගලයේ නයිලෝන් කඔය දිගේ අඩ් ගණනාවක් පුද්ගලයෙක් ගමන් කළා මේවායින් මගේ හිතට සහනයක් ලැබෙනවා.
(නාරම්මල සමූහ චමින්ද විදානගේ)
අදහස් 3ක් ඇත
Kite seller who lost his family
oya gath thiranaya,
chandra weerasingha, as my knowen she is very clver
නව අදහස දක්වන්න