වැවිලි කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දෙනවා | දිනමිණ

වැවිලි කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දෙනවා

චමීර ඇල්ලදෙණිය

වැවිලි කර්මාන්තය නවීන තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තරය ජයගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

නව පර්යේෂණ සමඟින් තේ රබර් පොල් නිෂ්පාදන වල අගය වැඩිකරමින් අපනයන වෙළඳපොළ ශක්තිමත් කිරිමටත් එයින් ආර්ථිකයට වඩා වාසි දායක තත්ත්වයක් නිර්මානය කිරීමටත් හැකියාව පවතින බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සී ආර් ටී ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු පැවැති උත්සාවයට සහභාගීවෙමින් එසේ කී දිසානයක මහතා මෙවැනි ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන පළමු අවස්ථාව බවද අනාවරණය කළේය.

මෙම ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ආරම්භවිය. පුරා දින තුනක් මෙම ප්‍රදර්ශනය මහජනතාවට විවෘතව පවතී. ඉදිරි දින දෙකේදී උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා විවෘතවේ. ඊට අමතරව එක් එක් ක‍ෂේත්‍රය පිළිබඳ වැඩමුළු රැසක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවැනි ප්‍රදර්ශන මඟින් වැවිලි කර්මාන්තකරුවා දැනුම්වත් කිරිමත් කර්මාන්තකරුවා හා වෙළඳපළ තවත් ලං කීරීමටත් බලාපොරොත්තු වන බවත් නවීන් දිසානායක මහතා කියා සිටියේය.

වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

සී ආර් ටී ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය මඟින් වැවිලි කර්මාන්ත ක්ෂේත්‍ර නගා සිටුවීමට කටයුතු කරනවා. මෙවැනි ප්‍රදර්ශනයක් ලංකාවේ පවත්වනු ලබන පළමු අවස්ථාව මෙයයි. මෙමඟින් තේ රබර් පොල් කර්මාන්තකරුවාගේ ගැටලු සොයා ගැනීමට හැකියාව තිබෙනවා සේම ඔවුන්ගේ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අදාළ පියවර රැසක් ගතහැකි වෙනවා. වැවිලි කර්මාන්තකරුවාට ඉදිරියේදී හොඳ තැනක් තිබෙනවා කියා මෙමඟින් පැහැදිළි‍ වෙනවා. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ පූර්ව ආශිර්වාදයෙන් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානයක මහතාගේ සංකල්පයක් මත මෙම ප්‍රදර්ශනය ක්‍රියාවට නංවනවා. මෙමඟින් කර්මාන්තකරුවා දිරිගැනීවීමටත් ඔවුන්ට ජාත්‍යන්තරය තුළ සිය ස්ථානය තහවුරු කර ගැනීමටත් හැකියාව තිබෙනවා.

පොහොර සහනාධාරය කිසි ලෙසක අපි නවත්වා නැහැ. එය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපි බිලියන හතරාහමාරක් ලබාදී තිබෙනවා. කුඩා තේවතු හිමියන්ට පොහොර සහනාධාරය ලබාදුන්නා. ග්ලයිෆෙසේට් තේ කර්මාන්තයට බලපාන්නේ. අපිට තිබෙන කම්කරු හිඟයත් එක්ක තමයි වල්නාශක භාවිතාව වැඩි වී තිබෙන්නේ. බොහෝදෙනක් ඉල්ලුවා ග්ලයිපොසෙට් ගහන්න එපා කියා. නමුත් අපේ ඇමැතිතුමාගේ ස්ථාවරය ඊට වෙනස්. එතුමා කියන්නේ වසර හතරක් පහක් විතර කාබනික පොහොර හුරුකලාට පසුව ග්ලයිපොසෙට් ඉවත් කරන්න කියායි. වැවිලි කර්මාන්තයට තිබෙන පිළියම් අපි සිදු කරමින් යනවා. සමහරු ඒවා වසා දමන්න උත්සාහ කරනවාත එම පිළියම් වසා දැමුවොත් වැවිලි කර්මාන්තයට කණකොකො හඩයි.

තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ගවරම්මාන මහතා

අපිත් විශේෂයෙන් මේ ප්‍රදර්ශනයට එක්වුණේ තේ වගාකරුවන්ට නව මානයක් පෙන්වාදීමටත් ඒ සඳහා තාක්ෂණ වශයෙන් දැනුම්වත් කිරීමටත්. අපි මෙහිදී අභිජනන ක්ෂේත්‍රයේ සිට නව වගාක්‍රම, පස සරුකර ගන්නා ආකරය, තේ දළු නෙලීම, හා තේ නිවැරැදිව වේලාගැනීම පිළිබඳ දැනුම්වත් කරනවා. ඒ පිළිබඳ අපේ අයතනය මඟින් නිර්මාණය කර තිබෙන විවිධ යන්ත්‍ර උපකරණ හඳුන්වාදීමටත් අප කටයුතු කරන තිබෙනවා. විශේෂයෙන් අබිජනන අංශය මඟින් විවිධ තේ වර්ග හඳුන්වා දී තිබෙනවා. අපේ රටේ නුවරඑළිය, නුවර වගේ දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට අවශ්‍ය වන්නේ එක එක තේ වර්ගයි. අපි ඒ පිළිබඳ හඳුනාගෙන එක් එක් පළාතට අනුව වැඩි ඵලදාවක් ලබාගත හැකි ආකාරයට නව තේ වර්ග හදුන්වා දී තිබෙනවා. ඒ සමඟම පස සාරවත් වන ආකාරයට නව කාබනික පොහොර හඳුන්වාදීමටත් කටයුතු කර තිබෙනවා. ඒ එක්කම තේ කර්මාන්තයේ තිබෙන කම්කරු ගැටලු විසඳීමට නව තාක්ෂණය හඳුන්වාදීමටත් අප කටයුතු කරනවා. මෙම ප්‍රදර්ශනය මඟින් වැවිලි කර්මාන්ත ‍ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇතිවේවි.

ඡායාරූප - මාලන් කරුණාරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...