අගමැතිට සෙත්පතා හෙට දළදා මාලිගාවේ පින්කම් | දිනමිණ

අගමැතිට සෙත්පතා හෙට දළදා මාලිගාවේ පින්කම්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දේශපාලන දිවියට 40 වසරක් සපිරීම සහ ඉදිරි දේශපාලන දිවියට ආශිර්වාද පතා හෙට (13) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කැර ඇත.

මෙම විශේෂ ආගමික වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සංවිධානය කැර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු සූදානම් කැර ඇත. මෙම දානමය පින්කමට මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ පූජනීය මහා සංඝරත්නය හතළිස් නමක් වැඩම කරති. 

නව අදහස දක්වන්න