දැරියකට අතවර කළ ත්‍රිරෝදරථ රියැදුරුට විසි වසරක සිරදඬුවම්

වැඩිහිටියන්ගේ අවවාද නොරිස්සු 13 වියැති දැරියක් සිය නිවෙසෙන් පලාවිත් දඹුල්ල නගරයේ රැඳී සිටියදි ඇය රවටා ලැගුම්හලකට රැගෙන ගොස් අතවර කිරීමේ චෝදනාව සම්බනධයෙන් මහනුවර පළාත්බද මහාධිකරණය ඉදිරයේ විභාගවු නඩුවකදි වරද පිළිගත් විවාහක 29 හැවිරිදි ත්‍රිරෝදරථ රියැදුරකුට මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිණි වීරවර්ධන මහත්මිය විසි වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් චෝදනා දෙකක් ගොනුකර තිබු බැවින් මෙම චෝදනවන් දෙකටම මොහු වරද පිළිගත් නිසා එක් චෝදනාවකට වසර දහය බැගින් විසිවසක සිරදඩුවමක් එකවර ගෙවීයන ලෙස විනිසුරුවරිය විසින් පනවන ලදි.

මෙයට සමගාමීව එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රු.10000ක දඩයක් නියම කළ විනිසුරුවරිය එය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් ලිහිල් සිරදඬුවමක්ද විත්තිකරුට නියම කළාය. එයට අමතරව රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් වින්දිතියට ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරිය එයද නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් ලිහිල් වැඩසහිත වසරක සිරදඩුවමක්ද නියම කළාය. 

මාතලේ දිස්ත්‍රික් සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...