හල්දුම්මුල්ලේ වනාන්තර ගිනි තැබීම් වැඩි වෙලා

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුමාරතැන්න, වෑ එළිය, බදුලුදෙන, ඌව කොස්ගම බෝගන්දන, වෙලන්විට, මාළදොල, නිත්තමලුව ආශ්‍රිත වනය මේ වන විට පවතින නියඟයත් සමඟම ගිනි තැබීම‍ට පටන් ගෙන ඇත.

මෙම වනාත්තර වල වටිනා දැව ගස් තිබෙන අතර ඔසු පැළෑටි ද ගහණ බව ප්‍රදේශවාසීහු කියති. මේ අතර වන අලි මෙන්ම වන සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන නමුත් නිතර නිතර ගිනි තැබීම නිසා වන ආවරණය මේ වනට ඉවත් වෙමින් පවති.

යෝජිත බෝගහපට්ටිය අභය භුමියට ද මෙම වන පෙත අයත් වන අතර මොනරාගල,බදුල්ල,රත්නපුර , හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලට මෙම බිම් අයත් වනු ඇත.තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ දේවාල නින්දගම් වලට මෙම ඉඩම් අයත් බව කියන අතර, මෙතෙක් මෙම ඉඩම් ඒ ඒ ආයතන වලට අයත් කොටස් වෙන්කර නොමැති හෙයින් ගැටලු රැසක් ද මේ වන විට මතුව තිබේ.

හල්දුම්මුල්ල සමූහ
සිරිල් සෙනෙවිරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...