රත්නපුරේ දෝෂ සහිත පාසල් වාහන 35ක් මාට්ටු

කුරුවිට සමුහ රුපිකා කේ.බණ්ඩාර

ජනාධිපති කාර්ය සාධන බළකායේ තිරසර පාසල් වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ප්‍රවාහනය කරන වාහනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඒවායේ කාර්මික දෝෂ හා දුම් පරික්ෂා කිරීමේ මෙහෙයුමක් රත්නපුර-කොලඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන නවනගර මංසන්ධිය අසලදී සිදුකෙරිණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට මූලස්ථානයේ දුම් විමෝචන අංශය, රත්නපුර පොලිසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය මගින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සිදුකෙරිණි. මෙහිදී පාසල් වාහන 69ක් හා පොදු වාහන පනස් දෙකක්ද වශයෙන් වාහන එකසිය විසි එකක් පරික්ෂාවට ලක්කර තිබේ. ඉන් කාර්මික දෝෂ සහිත පාසල් වාහන 35ක් හා වායු දූෂණය සිදුවන ප්‍රමිතියෙන් තොර වාහන විසිපහක්ද ධාවනයට නුසුදුසු ඒවා ලෙස තහවුරු කරගෙන ඇත. එම වාහන දින දහයක කාලයක් තුල අලුත්වැඩියා කොට ඉදිරිපත් කරන ලෙසද නියෝග කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි රත්නපුර කොට්ඨාස භාර රථවාහන අංශයේ ස්ථානාධිපති ආර්.පි.එන්.තිලකරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක්ද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුම් විමෝචන අංශයේ පරීක්ෂක අධිකාරි මහතා ඇතුළු කණ්ඩායමක්ද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ රොහාන් සිල්වා, තුෂාර දිසානායක, ඉන්දික ප්‍රේමලාල් යන මෝටර් රථ පරික්ෂකවරුද මෙයට සහභාගි වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...