කරාපිටිය ශික්ෂණ රෝහලේ ඖෂධවේදීන් හිඟයක්

රෝගීන් බෙහෙත් පෝලිමේ පැය පහක් හිටගෙන

කරාපිටිය ශික්ෂණ රෝහලට සතියේ දින පහ තුළ දකුණු පළාතේ නන්දෙසින් පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අනුව විශේෂයෙන් සතියේ දින සායන සඳහා බදාදා දින හෘදයාබාධ, වකුගඩු, ස්නායු, කායික, දියවැඩියාව වැනි බරපතළ අසනීප තිබෙන රෝගීන් දිනකට දහසකට අධික පිරිසක් පැමිණෙන්නේ එදින හිමිදිරි පාන්දර නැතහොත් එදිනට පෙර නවාතැන් ගෙන පැමිණ වෛද්‍යවරුන් හමුවීමෙන් පසු ඔෟෂධ ලබා ගැනීම සඳහා පෝලිමේ පැය පහකට ආසන්න කාලයක් ගත කිරීමට සිදුවීම ගැන රෝගීහු බලවත් අප්‍රසාදය පළ කරති.

වෛද්‍යවරුන් ගෙන් ඖෂධ නියම කරගත්තත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඖෂධ ලබාදෙන කවුළු පහක් ඇති අතර එම එක් කවුළුවක දෙක බැගින් දහයකට වෙන්කර ඇත. එදිනට එම එක් කවුළුවකින් ඖෂධ ලබා දෙන ඖෂධවේදීන් දෙදෙනකුට හැකියාවක් තිබුණත් එක් අයකු සේවයේ යෙදවීම නිසාත් කවුළු දෙකට පෝලිම් හතරකට ඖෂධ නිකුත් කරන්නේ ඖෂධවේදීන් දෙදෙනකු පමණක් නිසා මේ අසරණ රෝගීන් වෛද්‍යවරයා හමුවීමට පැය ගණනාවක් පෝලිමේ රැඳී සිටිමින් පසුව ඖෂධ ලබා ගැනීමට තවත් පැය ගාණක් හිටගෙන රැඳී සිටීමෙන් තම රෝග තවත් උත්සන්න වන බවත් රෝගීහු පවසති.

මේ අසරණ රෝගීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සායන තිබෙන දිනවලවත් ඖෂධ ලබා දෙන ස්ථානවල එක් පෝලිමකට තවත් අමතර ඖෂධවේදියකු එදිනවත් සේවයේ යොදනවානම් පැය ගණනාවක් මෙසේ දුක් විදින්න වෙන්නේ නැති බවත්ය. 

බද්දේගම මධ්‍යම විශේෂ
ජස්ටින් පතිරගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...