ලක්ෂ 27ක මුදල් ගනුදෙනුවකට අගරු චෙක්පත් දීලා | දිනමිණ

ලක්ෂ 27ක මුදල් ගනුදෙනුවකට අගරු චෙක්පත් දීලා

කළුතර පයාගල ප්‍රදේශයේ තොග වෙළෙඳසලක් පවත්වාගෙන යන කාන්තාවක් වෙළෙඳ ආයතනවලින් ලබාගත් පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ විසිහතක් වටිනා චෙක්පත් අගරු වීම නිසා කළුතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මේ චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් වෙළෙඳ ආයතනවලින් පැමිණිලි හතරක් පොලිසියට ඉදිරිපත්ව ඇත. පයාගල ප්‍රදේශයේ කෝටිපති තොග ව්‍යාපාරික කාන්තාව වෙළෙඳ ආයතනයට පෞද්ගලික සමාගමකින් අවස්ථා තුනකදී ලබා දුන් රුපියල් දහහත්ලක්ෂ හතළිස්දාහක් (17,40,000/-) වටිනා චෙක්පත් තුනක් හා තවත් වෙළෙඳ සමාගමකට ලබා දුන් නවලක්ෂ අනූදාහක් වටිනා චෙක්පත ද අගරු වී ඇති බවට පැමිණිලි ලැබී ඇත. මේ චෙක්පත් අගරු වූ පසු ව්‍යාපාරික ආයතනවල අලෙවි කළමනාකරුවන් අවස්ථා ගණනාවකම පයාගලට පැමිණ මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් නොලැබුණ නිසා ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ කාන්තාව ණයබරින් සිටින නිසා විදේශ ගතවීම සඳහා ගමන් බලපත්‍ර සකස් කර රැකියා ඒජන්සියකට භාර දී ඇති බව පොලිසිය කියයි. 

මතුගම සංචාරක

නව අදහස දක්වන්න