බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් උදලුතල | දිනමිණ

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් උදලුතල

ඩෙංගු මදුරු උවදුරින් බේරෙන්න වගේම නිරෝගිමත් ජීවිතයක් පවත්වාගෙන යෑම සදහා සාර්ථක ආහාර රටාවක් ලෙස පුංචි ඉඩමේ එළවළු බෝගයක් වගා කර ගතහොත් එයින් ආර්ථිකයත් ගොඩනා ගතහැකි යැයි බස්නාහිර පළාත් මන්ත්‍රි රොඩ්නි ෆේෂර් මහතා පන්නිපිටිය වීර මාවතේ දී කීය.

පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ උදලු තල බෙදා දීමේ උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය.හෙතෙම මෙසේද කීවේය.

මම සෑම මසකම අපේ ජනතාව වෙනුවෙන් යමක් ලබාදිය හැකිදැයි කියා සොයා බලනවා.සියලු මැති ඇමැතිවරු මගේ සේවාවන් සදහා උපකාර කරනවා. එය දේශපාලන බේදයකින් තොරයි. මම මගේ ජනතාව සදහා එජාප කියා තෝරාගෙන නැහැ. ජනතා සේවකයෙක් බවට පත් වූණාම පක්ෂ දේශ පාලනය කරන්න බැහැ. දේශපාලනයේ අනාගත ඉලක්ක සදහා සේවයෙහි යෙදෙන්න වෙනවා.

පන්නිපිටිය ධම්මින්දාරාම විහාරාධිපති හොරේපොල පඥ්ඥාරාම හිමි -සැබැ දේශපාලකයා නිර්පාක්ෂික විය යුතු බව අවබොධ කර ගත්තේ බස්නාහිර පළාත් මන්ත්‍රි රොඩ්නි ෆේෂර් මහාතාගේ ක්‍රියාවන් නිසයි. කතෝලික බැතිමතකු වුවත් ප්‍රදේශයේ බෞද්ධ වෙහෙර විහාරවල අවශ්‍යතා වෙනුවෙන් ඔහු හැකි සෑම දේ කරනවා.

අනිල් ලසත් පෙරේරා පන්නිපිටිය විශේෂ

නව අදහස දක්වන්න