නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය | දිනමිණ

නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

ප්‍රින්ස් ගුණසේකර

හයවැනි වරටත් පැවැත්වෙන නීතීඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් හිමි විය. කොළඹ පී. සරා ඕවල් පිටියේ ඊයේ පැවැති මේ තරගාවලියේ පළමු තරගය මෙයවූ අතර මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නීතීඥ පිල ඕවර් 34.1කදී සියලු දෙනා දැවී ලකුණු 194ක් ලැබූ අතර ඉන්දීය නීතීඥ පිල කඩුලු 4කට ලකුණු 198ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු එර්ෂාන් ආරියරත්නම් පන්දු 51කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර ජයග්‍රාහී ඉන්දීය පිලේ සුරාජී සම්පත් ලකුණු 46ක් ලැබීය.

මේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයට ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්ත හා වේල්ස් අධිනීතීඥ (Barristers) පිල, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ ‘බී’ පිල, ඔස්ට්‍රේලියා ‘බී’ පිල එක්ව සිටින අතර ‘බී’ කාණ්ඩයෙන් පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්ත හා වේල්ස් සොලිසිටර්ස් (Solicitors) පිල, බංග්ලාදේශ, ඉන්දීය ‘බී’ පිල හා ශ්‍රී ලංකා ‘බී’ පිල එක්ව සිටිති.

ශ්‍රී ලංකා නීතීඥ ක්‍රිකට් පිල ලකුණු 194 (ඕවර 34.1)

එර්ෂාන් ආරියරත්නම් 66, කසුන් හෙට්ටි ආරච්චි 28 (ඩිකන් පෝපට් 28/2, ආනන් කුමාර 42/2, ජේ. ක්‍රිෂනප්පා 40/2)

ඉන්දීය නීතීඥ ක්‍රිකට් පිල කඩුලු 4කට ලකුණු 198 (ඕවර 33.1)

සුරාජී සම්පත් 46, සොමිනන් සාකර් 43, සමින්ද සිං නොදැවී 45, හසිර් අලී 43

නව අදහස දක්වන්න