ඉන්දියාවේ දහතුන්වන උප ජනාධිපති දිවුරුම් දෙයි | දිනමිණ

ඉන්දියාවේ දහතුන්වන උප ජනාධිපති දිවුරුම් දෙයි

භාරත ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක වෙන්කයියාහ් නායිදු අද (11) ඉන්දියාවේ 13වන උප ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ය.

නවදිල්ලියේ රාෂ්ටපති භවාන්හි පැවති උත්සවයකදී ජනාධිපති රාම් නත් කෝවින්ඩ් ඉදිරියේ දී එම දිවුරුම් දීම සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අවුරුදු 68ක් වන මෙම ප්‍රවීණ දේශපාලඥයා ඉන්දියාවේ තාක්ෂණ ඇමති ධූරය හෙබවූ කේෂ්ණරාජ් ගෝපාල්ස්වාමි අභිබවා යාමට සමත් විය.

අද උදෑසන ඔහු ගාන්ධි ප්‍රතිමාවටද ගෞරව දක්වා තිබිණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...