කටාර් රාජ්‍යයෙන් රටවල් 80ට ආරාධනයක්

වීසා බලපත්‍ර නොමැතිව තම රටට ඇතුළුවීමට කටාර් රාජ්‍යය රටවල් 80ක ජනතාවට ආරාධනාකර සිටියි.

ඒ අනුව ඉන්දියාව, ලෙබනනය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව කටාරයට ඇතුළුවීමේ අවස්ථාව හිමිවේ.

කටාරයේ අසල්වැසි රාජ්‍යයන් වන ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තානාපති සබඳතා බිඳවැටීමත් සමග එරට සංචාරක කර්මාන්තයට ඇතිවූ අහිතකර බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වාර්තා වේ.

ඔවුන් කටාර් රාජ්‍ය සමඟ සබඳතා අත්හිටවූයේ ඉකුත් ජුනිමස පස්වනදාය. ඒ කටාරය ත්‍රස්තවාදී සංවිධානවලට සහාය ලබාදෙන බවට චෝදනා කරමිනි.

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සමග පැනවූ සම්බාධක හේතුවෙන් එහි ඉන්ධන සහ ආහාර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ලවූ බව සඳහන්වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...