මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියානු රජයේ යෝජනාව වැඩිදුර අධ්‍යයනයට | දිනමිණ

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියානු රජයේ යෝජනාව වැඩිදුර අධ්‍යයනයට

සිතාරා සේනානි
සන්ධ්‍යා කරුණාරත්න

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉන්දියානු රජය ඉදිරිපත් කර ඇති යෝජනාව වැඩිදුර අධ්‍යයනයට කමිටුවක් පත් කිරීමට රජය තීරණය කරයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය ලබාදෙමින් රජය මේ තීරණය ගත් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශය ලේකම්වරුන් කිහිපදෙනකුගෙන් සමන්විත කමිටුවක් මේ අනුව පත් කිරීමට නියමිත අතර අලාබ ලබමින් පවත්වාගෙන යන මේ ගුවන්තොටුපොළ ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීමට මෙමඟින් අපේක්ෂා කෙරේ. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැති මාධ්‍ය හමුව අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

මෙම ගුවන්තොටුපොළ පසුගිය වසර අවසානය වන විට රුපියල් මිලියන 15,600ක අලාබයක් ලබමින් පැවැති අතර එහි මෙහෙයුම් කටයුතු අලාබ ලබමින් පවත්වාගෙන යාම රජයට විශාල වැය බරක් යැයි ද ඇමැතිවරයා පැවැසීය.

ගුවන්තොටුපොළෙහි ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා ඇති අතර ගුවන්තොටුපළෙහි සමස්ත මෙහෙයුම්, කළමනාකරණය හා නඩත්තුව ආවරණය වන යෝජනා කිසිවක් එහිදී ඉදිරිපත්ව නොමැත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහි ද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉන්දියානු රජය මේ වන විට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

අදහස් 1ක් ඇත

thotupala dakkahama hithenawa , me wage wanniyaka meka kalada kiyala, Rajapaksata sammanayak wenuwata ada labila thiyenne pacha patthrayakne!

නව අදහස දක්වන්න