ව්‍යාපාරිකයකුගේ ධන පරිත්‍යාගයෙන් නාකුළුගමුව රෝහලට වාට්ටුවක්

ජී.සිරිසේන දික්වැල්ල විශේෂ
ගොඩනැගිල්ල පරිත්‍යාග කළ ඩී.වී.වික්‍රමරත්න යුවළ වාට්ටුව විවෘත කළ අයුරු

ජනතාව ග්‍රාමීය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට මැලිකමක් දක්වන බවත් එසේ සිදුවීමට හේතු ලෙස සමහර ගම්බද ප්‍රදේශවල පිහිටි රජයේ රෝහල් වලට පැමිණෙන රෝගීන් කෙරෙහි නිසි සොයා බැලීමක් සහ පිළිගැනීමක් නොමැති වීම බව පෙනී ගොස් ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ,වෛද්‍ය ගාමීණි විජේසූරිය මහතා පැවැසීය.

කුඩාවැල්ලේ සුදුසන් ව්‍යාපාරයේ අධිපති ඩී.වී.වික්‍රමරත්න මහතා සිය පෞද්ගලික මුදලින් රුපියල් පනස් ලක්ෂයක් පමණ වැය කර නාකුළුගමුව රජයේ රෝහලේ ඉදි කරවන ලද පිරිමි වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් වෛද්‍ය විජේසූරිය මහතා එසේ අදහස් පළ කෙළේය.

ඒ මහතා මෙසේද කීය.

ජනතාව ගම් වල ඇති කුඩා රෝහල් වලින් සේවා ලබා ගැනීමට මැලිකමක් දක්වනවා.ඒ තත්වයට නිලධාරීන්ගේ හා සේවක පාර්ශවය පැත්තෙනුත් අඩුපාඩුවක් තියෙනවා. රෝහලට පැමිණෙන රෝගීන් පිළිබඳ නිසි පිළිගැනීමක් , සොයා බැලීමක් හෝ ඖෂධ ටික නිසි වේලාවට හා නිසි පරිදි සමහර රෝහල් වලින් සිදු නොවීම ඊට හේතුවක් ලෙස මා දකිනවා.

මේ හේතුව නිසා ජනතාව පෞද්ගලික රෝහල් වෙත යොමු වෙනවා. එහිදි දරාගන්න බැරි වියදමක්, ගසාකෑමක් සිදුවෙනවා. මේවා අවම කරන්න දැඩි නීති සම්පාදනය වෙමින් පවතිනවා .

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධිකාරි ‍වෛද්‍ය රංග චන්ද්‍රසේන, නාකුළුගමුව රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී.ජී.පත්මසිරි මහත්වරුද මෙහිදී කතා කළහ.

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...