අත්තනගල්ල කරස්නාගල ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා | දිනමිණ

අත්තනගල්ල කරස්නාගල ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවලා

කරස්නාගල, බස්නාගොඩ ඔය ජල මූලාශ්‍රය කරගත් අත්තනගල්ල ජලසම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉකුත් 04සා මිට කායනාපිනය වකර කර ඇතැයි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර චයිනා මැෂිනරි ඉංජිනියරිං කෝපරේෂන් ආයතනයේ ප්‍රකාශකයෙක් අප සමඟ පැවසීය.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම, ඔවුන් මුහුණපා සිටින ගැටලුවලට රජයේ අදාළ අංශවලින් විසඳුම් ලබාදෙනතෙක් ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත දැනුම්දෙනතුරු නවතා දමන ලෙසට ව්‍යාපෘතිය මෙහෙයවන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කළ දැනුම්දීමක් අනුව මෙසේ තාවකාලිකව ඉදිකිරීම් නතර කළ බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපෘතියට යටවන තුන්නෝකිඳ සහ කරස්නාගල ගම්මාන දෙකෙහි නිවස හා ඉඩම් අහිමිව සිටින ජනතාව, අහිමිවූ තම නිවාසවලට වන්දි සහ පදිංචියට විකල්ප ඉඩම් ලබාදීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් පසුගියදා ව්‍යාපෘති වැඩබිමට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණවල නිරතවූහ.

අත්තනගලුඔයේ ශාඛාවක් වන බස්නාගොඩ ඔය ජල මූලාශ්‍රය කොටගත් මෙම ජල සම්පාදන ව්‍යාපෘතියට ඝන මීටර් 35,000ක ධාරිතාවකින් යුත් ජලාශයක් ලවණ බාධක සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද අයත් වේ.

මෙම ජල ව්‍යාපෘතියේ දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ ගම්පහ ඌරුවල්ඔය, මිනුවන්ගොඩ, මාකිලංඔය ජල මූලාශ්‍රය කරගෙන ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද ජලය සැපයීමට සැලසුම් කර ඇතැයි ද අදාළ භූ සමීක්ෂණ හා තාක්ෂණික අංග ස්ථාපනය සඳහා වූ මූලික අධ්‍යයනයන් මේ වනවිට නිමකර ඇතැයි ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්තනගල්ල විශේෂ ජයවීර සුගතපාල


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...