සබරගමුව පළාත් පුස්තකාලයාධිපතිවරු 15කට පත්වීම්

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන මඟින් පාලනය වන පුස්තකාල සඳහා නවක පුස්තකාලයාධිපතිවරු 15 දෙනකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම පසුගිය දා සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා අතින් සිදුකැරිණි.

සබරගමුව පළාතේ රාජ්‍ය සේවා කොම්ෂන් සභාව පුවත් පත් නිවේදනයක් මඟින් අයදුම්පත් කැඳවා මෙම පිරිස බඳවාගෙන ඇත.

සබරගමුව පළාත් මහා නගර සභා එකක්, නගර සභා තුනක් සහ ප්‍රාදේශීය සභා විසි පහක් ක්‍රියාත්මක වන අතර එම පළාත් පාලන ආයතන විසි නමය යටතේ පුස්තකාල හැත්තැ එකක් පිහිටුවා ඇත.

මෙම පළාත් පාලන ආයතන වල පුස්තකාල වෙනුවෙන් පුස්තකාලයාධිපති තනතුරු 43 පුරප්පාඩු පැවතිය ද, ඒ වෙනුවෙන් සුදුසුකම් සහිත අයදුම්පත් ලැබී තිබුණේ දොළහක් පමණි.

උසස්වීම් පදනම මත අභ්‍යන්තර සේවකයන් තිදෙනකු සහ සුදුසුකම් ලත් දොළොස්දෙනා මෙලෙස පුස්තකාලයාධිපතිවරුන් ලෙස මෙ දින පත්වීම් ලැබුහ.

සබරගමුව පළාතේ පුස්තකාලයාධිපති තනතුරු 23 ක් මේ වන විට ද පුරප්පාඩුව පවතී.

බඳවාගනු ලැබු පුස්තකාලයාධිපතිවරු රාජ්‍ය සේවය පිළිබඳව පුහුණුවකින් පසු අදාළ පළාත් පාලන ආයතන වල පුස්තකාලයන් හී සේවයට යෙදවිමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්.බී.එස්.එන්.කුමාරගේ, පළාත් පාලන කොමසාරිස් ඩී.ඩබ්ලිව්.එස්.රාජපක්ෂ, සහකාර පළාත් පාලන කොමසාරිස් ඩබ්ලිව්.ජී.එන් සමන් කුමාර මහත්ම මහත්මීහුසහභාගිවූහ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...