රුචිර පල්ලියගුරුට උපහාර | දිනමිණ

රුචිර පල්ලියගුරුට උපහාර

ජයසිරි පේදුරුආරච්චි
ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් රුචිර පල්ලියගුරු මහතා ඇගයීම් සම්මානය ලබාගනිමින්. ඡායාරූපය - ගන්දර සමූහ

මාතරින් බිහිවූ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකුවූ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රුචිර පල්ලියගුරු මහතාට මාතර ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවාව අගයමින් මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් උපහාර පිරිනමන ලදි.

මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් දෙවැනි වරට සංවිධානය කරන විස්සයි20 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක උත්සවය මාතර උයන්වත්ත පාපන්දු පිටියේදී පැවැති අවස්ථාවේදී පල්ලියගුරු මහතා මේ ඇගයීමට ලක්විය.

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට දේශපාලන නියෝජිතයන්, පැරණි හා වත්මන් ක්‍රීඩකයන් රැසක් ද එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...