ලාංකිකයන්ට තියෙන එනර්ජි ඩ්‍රින්ක්ස් තැඹිලි හා කුරුම්බා

‘රාවණා බලකාය’ යැයි කියමින් හඬ නගන අය රාවණා රජු පිළිබඳ නොදන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා පවසයි.

“රාවණා බලකාය, අර බලකාය යැයි කිය කියා කෑගසන අය රාවණා රජ්ජුරුවෝ ගැන දන්නේ නැහැ. උද්ඝෝෂණය කිරිම පැත්තකින් තියලා ඒ ගැන හොයලා බැලුවොත් ඒක ආසියාවේ ‘මාකට්’ කරන්න පුළුවන් දෙයක්. ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. රාවණා රජ්ජුරුවන්ගේ ප්‍රධාන පානය මොකක්ද?..කුරුම්බා! කාලා තියෙන්නේ කලටි. ඒක ශක්තිය වඩවන පානයක් (එනර්ජි ඩ්‍රින්ක්). දැන් එක එක වර්ගයේ එනර්ජි ඩ්‍රින්ක්ස් තියෙනවා. ඒත් ලංකාවේ එනර්ජි ඩ්‍රින්ක් එක මොකක්ද.? තැඹිලි. කුරුම්බා..! මං කියන්නේ බොරුද කියලා බඩගිනි වෙලාවට තැඹිලි ගෙඩියක් බීලා බලන්න. කලටි ටිකක් කන්න. ඇඟට දැනෙන ශක්තිය බලන්න. දැන් අපේ දොස්තර මහත්තුරු කියනවා අපෝ තැඹිලි බොන්න එපා සුගර්..! තනිකර පට්ට බොරුවක්.!” දේවප්‍රිය මහතා කියයි.

‘ලංකා ස්පෝට්රයිසන්‘ ආයතනය 17 වැනි වතාවටත් සංවිධානය කරන ‘කලම්බෝ මැරතන්’ තරගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ‘ඔලිම්පික් නිවහනේ’දී පෙරේදා පැවැති සාකච්ජාවට සහභාගි වෙමින් ප්‍රධාන ඇමැතිවරයා මෙසේ කියා සිටියේය.

‘ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධාවනයේ යෙදුණාට පස්සේ විශාල කුණුගොඩක් මගතොට එකතුවෙනවා. ඒත් බස්නාහිර පළාත්සභා කුණු කළමනාකරණ අධිකාරියත්, විශේෂයෙන් තරුණ කණ්ඩායමකුත් ඒ සියල්ල වහා ඉවත් කරන්න කටයුතු කරනවා. ඒ තරුණ කණ්ඩායම ක්‍රියාත්මක වෙන්නේ ‘ෆේස්බුක්’ හරහා. ඒ අයගේ පූර්ණ දායකත්වයත් අපිට ලැබෙනවා. අපි සතුටුවෙනවා මෙවර මේ තරගයේ වැඩි කොටසක් කොළඹ නගරය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබීම ගැන. බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා හැටියට මම ඒ ගැන විශාල වශයෙන් සතුටුවෙනවා.’ ඉසුරු දේවප්‍රිය මහතා සඳහන් කළේය. බස්නාහිර පළාත් සභාව කලම්බෝ මැරතන් තරගයට දායකත්වය ලබාදෙන දෙවැනි අවස්ථාව මෙයවේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...