තහනමෙන් පසුව රධික නැවත රගර් පිටියට | දිනමිණ

තහනමෙන් පසුව රධික නැවත රගර් පිටියට

ඉන්දික වෙලගෙදර

සාන්ත ජෝශප් විදුහල් පිල සමග පැවැති රගර් තරගයකදී ගැටුමකට මුල් වූ ධර්මරාජ විදුහලේ පිලේ එවකට එම විදුහල් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ හිටපු නායකයකු සහ පුහුණුකරුවකු වන රධික හෙට්ටිආරච්චිට පනවා තිබූ මාස 6ක තහනම ඉවත්වීමෙන් පසුව ඔහු යළි රගර් පිටියට එක්වී සිටී.

සිය අත්දැකීම් සහ හැකියාවන් උපයෝගි කරමින් නැවත වරක් රගර් පිටියේ සාර්ථක ගමනක් යාමේ අදහසින් පසුවන රධික හෙට්ටිආරච්චි යළිත් වතාවක් ධර්මරාජ විදුහලේ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වනු ඇතැයි වාර්තා වෙයි.

එවකට ධර්මරාජ විදුහලේ පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එම විදුහල් පිල ඉහළ තලයකට රැගෙන ගිය රධිකගේ මග පෙන්වීම යටතේ වසර 2013 පළමුපෙළ රගර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පළමු වරට ධර්මරාජ විදුහල් පිලට හැකිවූයේ වසර 45කට පසුවය.

ඔහුගේ තහනම පසුගිය ජනවාරි මස 30 වැනිදා නිමාවට පත්විය.

‘මට තහනමක් පැනවූවාට පසුව මම දැඩි කනගාටුවට පත්වී සිටියා. ඇත්තටම මට ඒ මොහොතේ මගේ පවුලේ අය සමග නවසීලන්තයේ පදිංචියට යාමේ අදහසකුත් තිබුණා. නමුත් මගේ සමීපතම පිරිස සහ දිරිගන්වන්නන් කියා සිටියේ මට ඒ අදහස අත්හැර තහනමෙන් පසුව නැවත රගර් පිටියට පැමිණෙන්න කියලයි.’ රධික හෙට්ටිආරච්චි කීවේය.

ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ආසියාවේ ඉහළම ස්ථානය අත්කරගනු දැකීම තම එකම සිහිනය බව ද ඔහු සඳහන් කළේය. මේ අරමුණ ඉටු කරගැනීමට නම් ශ්‍රී ලංකා පිලට අඩුම වශයෙන් වෘත්තීය මට්ටමේ විදෙස් පුහුණුකරුවන් දෙදෙනකුගේ හෝ සහය ලැබිය යුතු බව ඔහුගේ අදහස වී තිබේ. 


අදහස් 1ක් ඇත

He cannot go to Evan jaffna bulsite talk about newziland

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...