ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ වැඩවර්ජනයක් | දිනමිණ

ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ වැඩවර්ජනයක්

ශ්‍රී ලංකා  අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරන ලෙසට බලකරමින්  තමිල්නාඩු ධීවරයින් අද (09) සිට ධීවර කටයුතුවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත්සේවය අද වාර්තා කළේය.

මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ තමිල්නාඩුවේ පුදුකෝට්ටේ හා රාමනාදන්පුරම්හි ධීවරයින් පිරිසකි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අඟහරුවාදා(08) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් පැමිණි යාත්‍රා 12ක්ද නාවික හමුදාව බාරයට ගෙන තිබුණි.

එම ආසන්නතම සිද්ධිය මුල් කර ගනිමින් තමිල්නාඩු ධීවරයින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව සඳහන් වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...