රවීන්ද්‍ර සමරවීරගේ නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කෙරේ | දිනමිණ

රවීන්ද්‍ර සමරවීරගේ නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කෙරේ

ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් භාවිත කළ බවට කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ඇතුළු දෙදෙනෙකුට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (09) විභාගයට ගැනුණි.

එහිදී විත්තිකරුවන් විසින් එම චෝදනාවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කෙරිණ.

2011 වසරේ බොරැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් අනුව ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක්  භාවිත කළ බවට කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීට සහ ඔහුගේ ලේකම්වරයෙකු බව කියන කේ.ජී. පාලිත නැමැත්තෙකුට එරෙහිව අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

 එම චෝදනා පත්‍රය අද(09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී රවින්ද්‍ර සමරවීර රාජ්‍ය  අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ චෝදනා පත්‍රයට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව මූලික විරෝධතා ඇතුළත් ලිඛිත ලියවිල්ලක් ද නීතිඥවරු විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම මූලික විරෝධාතවලට අදාළ ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා අගෝස්තු මස 23 වනදා ඉදිරිපත් කරන මෙන් පොලීසියට නියෝග කෙරිණ.

නව අදහස දක්වන්න