ගනර් සුපර් ක්‍රොස් නිල බැටරි අනුග්‍රාහක Exide

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාහන බැටරි වර්ගයක් වන Exide ගනර් සුපර් ක්‍රොස් සඳහා නිල බැටරි අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ධාවන තරගයක් වන ගනර් සුපර් ක්‍රොස්, ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව මෙවරත් සංවිධානය කරනු ලබන්නේ 12 වන වරටය.

පසුගියාදා පැවති මාධ්‍ය හමුවේදී බ්‍රවුන්ස් බැටරි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී අජිත් ද සිල්වා මහතා අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේවා විධායක මේජර් ප්‍රියන්ත ජයසුන්දර මහතා වෙත පිළිගැන්වීය.

සමිත් කුලසිංහ සන්නාම කළමනාකරු බැටරි අංශය බ්‍රවුන්ස් සහ සමාගම, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී අජිත් ද සිල්වා බැටරි අංශය බ්‍රවුන්ස් සහ සමාගම, කර්නල් සේවා විධායක මේජර් ප්‍රියන්ත ජයසුන්දර ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවල සේනාංක අණ දෙන නිලධාරි එන්.එල්. කේ. සමරසිංහ මහත්වරු


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...