ලොව විශාලතම මුදුවේ හිමිකාරිත්ව තරගය | දිනමිණ

ලොව විශාලතම මුදුවේ හිමිකාරිත්ව තරගය

ලෝකයේ විශාලතම රන් මුදුව මිළදි ගැනිමට සවුදියේ සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ව්‍යාපරිකයින් අතර දැඩි තරගයකාරිත්වයක් ඇතිවි තිබේ. කැරට් 21 රනින් නිපදවා ඇති මෙම මුදුවේ බර කිලෝ 65 වන අතර එහි ඔබවා ඇති මැණික් ගල්වලල බර කිලෝ 05 අධික වේ.

මෙම මැණික් වර්ගයන් වාසනවා සම්පත්‍ය උදාරකනවා යැයි විශ්වාසය සහිත් ගල් වර්ගයක්විම විශේෂත්වය වේ

මෙම වටිනා රන්මුදුව ප්‍රදර්ශනය තබා ඇත්තේ ඩුබායි හි අල් බෂා සාප්පු සංකිර්ණයේය.

සවුදියේ සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ව්‍යාපරික දැවන්තයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 20 කට මිළදි ගැනිමට ඉල්ලුම් කර තිබේ.

2011 වසරේදී ඩයිරා ගෝල්ඩ් සවුක් හි ප්‍රදර්ශනය කරන ලද මෙම සුපිරි ආභරණය ලොව පුරා පුවත් සිරස්තල මවනු ලැබීය. ඩුබායි පදනම් කරගත් සවුදි ටාබා සමූහයට ගිනස් සහතිකයක් හෝ ලෝක රත්රන් කවුන්සිලයේ අවධානය ලබා ගැනීමේ කිසිදු සැලසුමක් නොමැති බව වාර්තාවේ.

මෙය නිපදවීමට 2005 වසරේ දී දින 45 ක් පුරා සේවකයින් 45 ක් සේවය කළ අතර එය ස්වැරොව්ස් ගල් 615 ක් ද ඇතුලත් ය.

නව අදහස දක්වන්න