සොෆ්ට්ලො­ජික් ෆිනෑන්ස් සෙන්ක­ඩ­ගල පුර­ව­ර­යට | දිනමිණ

සොෆ්ට්ලො­ජික් ෆිනෑන්ස් සෙන්ක­ඩ­ගල පුර­ව­ර­යට

 වේගවත් ව්‍යාප්තියක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් තම අභිනව සෙන්කඩගල ශාඛාව පසුගිය දා උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. අංක 288 කටුගස්තොට පාර මහනුවර ලිපිනයෙහි පිහිටි මේ සොෆ්ට්ලොජික් සෙන්කඩගල ශාඛාව මගින් ආයතනය විසින් ලබා දෙන සියලු මූල්‍ය පහසුකම් ලබා දෙන අතර ඩිජිටල් තාක්ෂණය සමග බලගැන්වී ඇති බැවින් කඩිනම් සේවාවක් පාරිභෝගිකයින්ට ලබා දීමට හැකි වනු ඇත.

පාරිභෝගික සේවාව සඳහා ඉහළින්ම කැපවූ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සෙන්කඩගල ශාඛා කාර්ය මණ්ඩලයේ සුහදශීලී සේවාව පාරිභෝගික ආකර්ශනය උපරිම ලෙස දිනා ගනු ඇත. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සෙන්කඩගල ශාඛාවේ සමාරම්භය සඳහා සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින් විජේකෝන්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ඉන්ද්‍රේශ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස මේ අවස්ථාවට සහභාගී විය.

සෙන්කඩගල ශාඛාවේ සමාරම්භයට එක් වූ නලින් විජේකෝන් මහතා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ලද සාර්ථකත්වය වෙනුවෙන් පාරිභෝගිකයන් වෙත සිය ප්‍රණාමය පළ කළ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ‘අපගේ සංස්කෘතිය හා බැඳුනු ඓතිහාසික මහනුවර ප්‍රදේශයට තවත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ශාඛාවක් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වන අතර මහනුවර සහ ඒ අවට වෙසෙන පාරිභෝගිකයන් වෙත මූල්‍ය සේවා රැසක් වඩාත් කාර්යක්‍ෂම අන්දමින් ලබා දීමට අපට නිසැක වශයෙන්ම හැකි වන බව මම විශ්වාස කරනවා.’ යනුවෙනි.

මේ අවස්ථාව‍ට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් හි ඉහළ කළමනාකාරීත්වය සහ පාරිභෝගිකයෝ ඇතුළු විහාල පිරිසක් සහභාගී වූහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...