පොලිසියේ දෙදෙනාට පහරදුන් මුත්තු අත්අඩංගුවට

යාපනය, කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු කපා දැමීමේ සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ආරක්ෂක අංශ පැවසුවේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි ,මුත්තු, නමින් හඳුන්වන පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා අගෝස්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු හදුනාගෙන ඇති බව ද පොලිසිය පවසයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...