අත්‍යාවශ්‍ය භාණ්ඩ 47ක මිලේ වෙනසක් - UPDATE | දිනමිණ

අත්‍යාවශ්‍ය භාණ්ඩ 47ක මිලේ වෙනසක් - UPDATE

සහල් ආනයනයේ දී කිලෝවකට රුපියල් 05ක් සදහා වූ විශේෂ වෙළද බද්ද ශත 25 දක්වා සහ තිරිගු ඇට සදහා වූ බද්ද රුපියල් 09 සිට 06 දක්වා පහත දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

නියගයෙන් පීඩාවූවන්ට 5000ක භාණ්ඩ මල්ලක් - UPDATE

ජනාධිපතිවරයාගේ උපදෙස් පිරිදි නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට, මාස දෙකක් සදහා රුපියල් 5000 ක අතවශ්‍ය භාණ්ඩ මල්ලක් බෙදා හැරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍යංශය නිකුත්කල නිවේදනය පහත දැක්වේ.

ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳඅමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණමේදිනවලරටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 කට රු. 5000 බැගින් වූ අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

·        ආනයනිකසහල්1kgක් සඳහාවූරු.5/-හේ විශේෂ වෙළඳභාණ්ඩ බද්ද (SCL)ශත 25 දක්වා අඩු කර තිබේ. සහල් කිලෝවක් සඳහා වන ශත 25හේ මෙම නව බද්ධ 2017 දෙසැම්බර් 31 දින දක්වා බල පැවැත්වේ.

·        ආනයනික තෙත් මාළු (wet fish) සඳහා වන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු.50/-කින් අඩු කර තිබේ. ඒ අනුව ආනයනික මාළු අතරින් තලපත් සහ කොප්පරා මාළු 1kgක් සඳහා මෙතෙක් පැවති රු.75/- විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු. 25/- දක්වා අඩු කරනු ලැබ ඇත. ධීවර අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක මෙම නව මිල අඩු කිරීම ඉදිරි මාස තුනක් සඳහා වලංගු වේ.

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන බඩ ඉරිඟු සඳහා පැවති ආනයනික තීරු බදුසියල්ල ඉවත් කර බඩ ඉරිඟු 1kgක් සඳහා රු.10/-ක නව විශේෂ වෙළඳභාණ්ඩ බද්දක් අද සිට ක්‍රියාත්මක කෙරේ. මෙතෙක් බඩ ඉරිඟු සඳහා 15%ක ආනයන බද්දක්, 15%ක වැට් බද්ධක්, 7.5%ක වරාය හා ගුවන්තොටුපල බද්දක්, 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දක්, 35%ක සෙස් බද්දක් අය කරනු ලැබී ය.

මෙම සියලු බදු එකතු කළ විට ආනයනික බඩ ඉරිඟු කිලෝවක් සඳහා මෙතෙක් රු.60/- සිට රු.70/-ක් පමණ මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදු විය.ඉදිරි මාස 6ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම සියලු බදු ඉවත් කර ඇති අතර මින් ඉදිරියට බඩ ඉරිඟු සඳහා රු.10/-ක විශේෂ වෙළෙඳභාණ්ඩ බද්දක් පමණක් අය කරනු ලැබේ.

·        ආනයනයකරන ලද පිටි කිලෝවක සෙස් බද්ද රු. 25 සිට රු.15 දක්වා රු.10 කින් අඩුකර තිබේ. එමෙන්ම, තිරිඟු ඇට මත වූ බද්ද කිලෝ 1 ට රු. 9 සිට රු. 6 දක්වා රුපියල් 3 කින් අඩුකර තිබේ.මේඅනුව, ආනයනබදුසහවිශේෂවෙළෙඳභාණ්ඩබදුඅඩුකරන ලද ඉහත සියළු අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපල මිල ඉදිරි දින වලදී අඩුවනු ඇත.

·        පාරිභෝගිකජනතාවටසහනසලසනුපිණිසසහල්, සීනි, අල, ලොකුලූණුඇතුළුඅත්‍යාවශ්‍යභාණ්ඩ47ක් සඳහා වන විවිධ වූ බදු ඉවත් කර ඒ සඳහා විශේෂ වෙළෙඳභාණ්ඩ බදු රජය විසින් පනවා ඇති අතර මෙම කෘෂි නිෂ්පාදන වෙළෙඳපොළට එන අවස්ථාවන්හි ගොවියා ආරක්ෂා කිරීම පිණිස මෙම වෙළෙඳභාණ්ඩ බද්ද ඒ ඒ අවස්ථාවන්හී දී රජය විසින් වැඩි කරනු ලැබේ.

එම්.ඒ. හසන්

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

නව අදහස දක්වන්න