Cavalry Supercross 2017 සඳහා LAUGFS Lubricants අනුග්‍රහය දක්වයි | දිනමිණ

Cavalry Supercross 2017 සඳහා LAUGFS Lubricants අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන තරඟ කාලසටහනේ කාගෙත් අවධානයට ලක්වන ප්‍රමුඛ පෙළේ තරගයක් වන Cavalry Supercross 2017 සඳහා LAUGFS Lubricants පසුගියදා අනුග්‍රහය දැක්වීය.

ශ්‍රී ලංකා මෝටර් රථ තරග ධාවකයන්ගේ සංගමය (SLARDAR) සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය (SLAC) සමඟ එක්ව සංවිධානය කරන ලද Cavalry Supercross 2017 තරගය කුරුණෑගල, පන්ගොල්ල ධාවන පථයේදී ආරම්භ කරන ලදී. LAUGFS Lubricants සන්නාම තානාපතිවරයකු වන මෝටර් රථ ධාවන ශූර උෂාන් පෙරේරා ද එහි තරගකරුවකු ලෙස සහභාගි විය.

‘ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ක්‍රීඩා පිළිබඳ උනන්දුවකින් යුතුව කටයුතු කරන සැබෑ දේශීය සමාගමක් ලෙස මෙවර පැවැත්වූ Cavalry Supercross සඳහා අනුග්‍රහය දැක්වීමට හැකිවීම ගැන LAUGFS Lubricants හි අප බෙහෙවින්ම තෘප්තිමත් වෙනවා. තවද නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු නිෂ්පාදනාගාරයක් පිහිටුවා ඉතා කෙටි කාලයකින් මෙරට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන, වැඩිදුර ධාවනයකට බලපාන නිෂ්පාදන පෙළක් අප විසින් හඳුන්වා දී තිබෙනවා.

එමඟින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන තරගකරුවන් අතර අප කෙරෙහි ඇති විශ්වාසය ගොඩනඟා ගැනීමට අප සමත්වී තිබීම සුවිශේෂී කරුණක්.’ LAUGFS Lubricants විධායක නිලධාරී නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

නව අදහස දක්වන්න