අපහාස සිද්ධියක් - සිවාජිලිංගම්ගෙන් ප්‍රකාශ සටහන් කරගනියි | දිනමිණ

අපහාස සිද්ධියක් - සිවාජිලිංගම්ගෙන් ප්‍රකාශ සටහන් කරගනියි

බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුළු තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අද දිනයේ යාපනය පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මුලතිව් සංචාරයකට තර්ජනාත්මකවත්,බෞද්ධ හිමිනමකට නිගරු වන ආකාරයටත්, මුල්ලිවායික්කාල් සැමරුම සම්බන්ධයෙනුත් යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව මෙලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත  කැඳවා තිබුණි.

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...