රන් මාලය පැහැරගෙන ගිය සැකකරුවන් දඹුලු ඔයට වැටිලා | දිනමිණ

රන් මාලය පැහැරගෙන ගිය සැකකරුවන් දඹුලු ඔයට වැටිලා

ගුරුවරියගේ ගෙල බැඳි රන් මාලය කඩා යතුරුපැදියෙන් පලාගිය දෙදෙනකු පසුගියදා ඔයකට ඇදවැටී ප්‍රදේශවාසීන්ගේ සහයෙන් දඹුල්ල පොලිසියට බාර දී තිබේ .

දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ විදුහලක සේවය කරන ගුරුවරියක සේවය අවසන් කොට නිවෙස බලා කුඩා යතුරුපැදියකින් යද්දී වෙළෙඳසලක් අසල නවතා ඇත්තේ යමක් මිලදී ගැනීම සඳහාය . එ් සමගම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ගුරුවරියගේ ගෙල බැදී රන් මාලය හා පෙන්ඩනයක් කඩාගෙන පලා ගොස් ඇත .

අවට සිටි තරුණ පිරිස් ද ලුහු බදින අතරේ සිද්ධිය දඹුල්ල පොලිසියට දැනුවත් කොට ඇත .යතුරුපැ දිය දඹුල්ල දෙසට ධාවනය වෙද්දී දඹුල්ල දෙසින් පොලිසියත් පසුපසින් තරුණ පිරිසත් එනු දුටු කොල්ල කරුවෝ ගමන් කරමින් සිටි යතුරුපැදිය දඹුලු ඔයට පෙරළී ඇත .

පසුව රන් මාලය පෙන්ඩනය සමග සැකකරුවන් දෙන්නා යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබේ .

යතුරුපැදියේ අංක තහඩු කළුපැහැති ස්ටිකර් අලවා තිබී ඇත .පසුව යතුරුපැදියේ අයිතිකරු ද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් තිදෙනාම දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි .

පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇත්තේ නුවර අධිකරණයේ විභාග වන නඩුවකට අවශ්‍යය මුදල් සොයා ගැනීමට මෙය සිදුකළ බවය . සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් හඳුනාගැනීමේ පෙරට්ටුවක් අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රරමරත්න මහතා පැවසීය.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න