FCID පැමිණිලි 89ක පරීක්ෂණ අවසන් - 12කට නඩු | දිනමිණ

FCID පැමිණිලි 89ක පරීක්ෂණ අවසන් - 12කට නඩු

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මේ වන විට ලැබී ඇති පැමිණිලි 335න් 89ක විමර්ශන කටයුතු අවසන් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
 
නීති උපදෙස් ලැබීමෙන් පසු පැමිණිලි 12ක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේය.
 
එමෙන්ම තවත් ගොනු 115 ක් විමර්ශන අවසානයේ වසා දමා හෝ වෙනත් ආයතන වෙත යොමු කර ඇති අතර පැමිණිලි 131ක් විමර්ශනය කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
 
මහා පරිමාණ මූල්‍ය අපරාධ හා අවශ්‍ය ව්‍යාපෘතීන් පිළිබඳ ව සොයා බැලීමේ අරමුණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 පෙබරවාරි 13 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඇතිකොට ඇත.

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...