බලශක්ති වෙනුවෙන් නව මාවතක් | දිනමිණ

බලශක්ති වෙනුවෙන් නව මාවතක්

 මදාරා මුදලිගේ 

ශ්‍රී ලංකාවේ බල උත්පාදන විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, දේශීය බලශක්ති කර්මාන්තයේ නව ප්‍රවණතා සහ නිෂ්පාදන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හමුවීමක් පසුගියදා සංවිධානය කළහ.

මෙරට බලශක්ති උත්පාදනයේ වර්ධනය සහ නව සූර්ය බලශක්ති විසඳුම් හරහා බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දායකත්වය ලබා දෙන කැටපිලර් අලෙවි නියෝජිතයෙකු ලෙස UTE සමාගම මෙම උළෙලේදී කැපී පෙනුණි.

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්, වෘත්තිකයන් මෙන්ම බලශක්ති නියාමන අධිකාරිවල නිලධාරීන් ද, බලශක්ති විශේෂඥයන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.

මෙරට නවතම බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රවණතා පිළිබඳ පැන නැගී ඇති ගැටළුවලට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේය. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, විදුලිබල උත්පාදනය, කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් පිළිබඳ එතුමා සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කළේය.

"කාර්මීකරණය සහ මහා පරිමාණ විදුලිබල ජාල හේතුවෙන් පසුගිය දශක ගණනාව පුරා මෙරට ඒක පුද්ගල බලශක්ති පරිභෝජනය වර්ධනය වී තිබෙනවා. ඉදිරි වසර කිහිපය බලශක්ති ක්ෂේත්‍රයට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවට පත්වනු ඇත. බලශක්ති බලාගාර, සම්ප්‍රේෂණ පද්ධති සහ ගමනාගමනය සඳහා භාවිතා කෙරෙන ඉන්ධන ආදී විවිධ අංශවලට ඉදිරි වසර කිහිපය තුළ විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වනවා. ඒ අතර, ශ්‍රී ලංකාවේ බලශක්ති ඉල්ලුම ද ශීඝ්‍රයෙන් වර්ධනයවන නිසා අපට තවත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වනවා" යනුවෙන් කුමාරසිංහ මහතා සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න