ශිරන්ති රාජපක්ෂ CIDයට නොපැමිණෙයි - UPDATE | දිනමිණ

ශිරන්ති රාජපක්ෂ CIDයට නොපැමිණෙයි - UPDATE

ශිරන්ති රාජපක්‍ෂට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇති බවවාර්තාවේ.

ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්.

ශිරන්ති රාජපක්ෂ CIDයට - UPDATE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අද (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ඇත.

අද (27) උදෑසන 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඇයට දැනුම්දී තිබේ.

'සිරිලිය සවිය' පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබේ.

අදහස් 1ක් ඇත

namuth nithiyata api biya wiya yuthu natha!

නව අදහස දක්වන්න