එස් එෆ් ලොක්කාට මාස 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම් | දිනමිණ

එස් එෆ් ලොක්කාට මාස 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

දිවයිනේ නමගිය අපරාධකරුවෙකු වන (IRC) ගුණේ කොල්ලා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා ව බන්ධනාගාරය තුලදී පිහියකින් කපා බරපතල තුවාල සිදුකරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කරාතේ ශූර වසන්ත සොයිසා මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන එස්.එෆ් ලොක්කාට අනුරාධපුර බන්ධනාගාරයේ පැවති බන්ධ විනිශ්චය මණ්ඩලයේදී එම චෝදනාවට මාස තුනක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කිරීමට අනුරාධපුර දිසා විනිසුරු අතිරේක මහෙස්ත්‍රාත් චමරි මහේෂිකා ධනන්සූරිය මහත්මිය අද (26) සවස නියෝග කළාය.
 
මෙසේ සිර දඩුවම් නියමවූයේ කරාතේශුර වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම පැනරෝම රාත්‍රී සමාජ ශාලාවට පහරදී අලාභහානී සිදුකිරීම,පැනරෝමා සමාජ ශාලාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම කොන්ත්‍රා ත්තුවක් මත සුඛෝපභෝගී මොටර් රථයක් පැහැර ගැනීම හා විදේශිය ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධනේ දැනට චෝදනා ලැබ සිටින කාර්මික පෙදෙස දහයියාගම අනුරාධපුර ලිපිනයේ පදිංචි එස්.එෆ්.ලොක්කා නොහොත් ආර්.ඒ ඉරෝන් රණසිංහ යන අයටයි.
 
මෙම සියළු චෝදනාවන්ට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයට ගෙනන අතර බන්ධනා ගාරයතුල අනසක පැතිරීමට යෑමෙන් පවතින සියළු නඩු වලට දඩුවම් ලැබීමට පෙර ගුණේ කොල්ලා පිහියෙ න් කැපීමේ චෝදනාවට මෙම දඩුවම නියම විය.දඩුවම් නියමවීමෙන් අනතුරුව තමන්ට සිරදඩුවම් නියමුවූ බවක් පත්තර වලට දැන ගැනීමට ඉඩ නොතබන ලෙස එස්.එෆ් ලොක්කා විනිසුරුවරියගෙන් ආයචනාත්මක ඉල්ලීමක් කලබව බන්ධනාගාර ආරංචි මාර්ග වලින් අනාවරණය විය
 
ඉකුත් 21 වනදා උදෑසන සිරකරුවන් සිර මැදිරිවලින් පිටතටගත් අවස්තාවේ එස්.එෆ් ලොක්කා සගවාගෙන සිටි කුඩා පිහිතලයකින් ගුණේ කොල්ලාට ප්‍රහාරය එල්ලකර තිබෙන අතර ප්‍රහාරයෙන් ගුණෙ කොල්ලා යන නමගිය අපරාධකරුගේ මුහුණට අතකට හා ගෙල ප්‍රදේශයට බරපතල කැපුම් තුවාල සිදු තිබේ.ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ තුවාල වලට මැහුම් 15ක් දමා ඇති බව මීටපෙර වාර්ථා විය.
 
බන්ධනාගාර ආඥාපනතේ 81 වන වගන්තිය යටතේ එස්.එෆ් ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ නැමති අපරාධකරු බන්ධ විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත්කර තිබුණී.
 
(අනුරාධපුර - මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න