බලන්න සත්තු යමු විල්පත්තු | දිනමිණ

බලන්න සත්තු යමු විල්පත්තු

තවත් පැත්තකින් ඇති හැකි අයත් නැති බැරි අයත් සම තත්ත්වයකට පත්කරන්න ජීප්වලට පුළුවන්. සුපිරිසිදු සූට් ඇඳගෙන වායුසමනය කළ මිල අධික වාහන පදවන අයත් ජීප් රථයක් පදවන්නෙ කොටකලිසමක්, ටීෂර්ට් එකක් ඇඳගෙන. ජීප් ඇතුළේ කාටවත් පොරවල් වෙන්න බැහැ. මඩවලක එරෙන්නත් වතුරක බහින්නත් අපි ඕනම නිමේෂයක සූදානම්. ඒ මොරාල් එක හදන්නෙ ජීප්වලින්. මිනිසුන්ට පයගසන්න අපහසු තැන් කීපයකට මේ රෝද හතර අපිව ගෙනියන්න ඇතිද? තවත් කාරණාවක් තමයි ෆෝඩි ආර් ෆයිව් ජීප් රථයක ෂෙල් එක හෙවත් මූණත දිහා හොඳට බැලුවොත් පෙනෙන්නෙ නිතරම සිනහවෙලා ඉන්න පෙනුමක්. මේ පෙනුම මම කිසිම වාහනයක දැකලා නැහැ. ඕනෑම රළු පරලු මාර්ගයක් ගියත්, මඩවලක වතුරක බැස්සත්, පෙරලුණත් ජීප් එක ඉන්නෙ හිනාවෙලා. අපිට මහන්සි වුණත් එයාට කවදාවත් මහන්සි වෙන්නෙ නැහැ. ඉල්ලන්නේ වතුර ටිකයි ඩීසල් ටිකයි විතරමයි. තවත් සුවිශේෂී කාරණාවක් තමයි ඕනෑම වාහනයකට ආසන ගණනට පමණක් මගීන්ට ගමන් කළ හැකිවීම. වැඩිම වුණොත් එක්කෙනෙක් දෙන්නෙක් වැඩිපුර ගෙනියන්න පුළුවන්. මම මේ කියන්නෙ බර වාහනවත් බස් ලොරි ගැනවත් නෙමෙයි. සැහැල්ලු වාහන ගැන. ඒත් ජීප් රථයක හයදෙනකුට යන්න පුළුවන් වුණත් දහයක් දොළහක් දාහතරක් වුණත් එයාට අවුලක් නැහැ. එල්ලෙන තරමක් ගෙනියන්න ජීප් එකකට පුළුවන්. මම ආසාවෙන්ම ෆෝවීල් පැද්දෙ කුමණෙදි. බඹරගස්තලාව, කිරිපොකුණ හෙල, ගල්අමුණ වගේ තැන්වලට යන්න ටිකක් අපහසු වුණා. විල්පත්තුව ඊට වෙනස්. එක දවසකට වැඩිම සතුන් ප්‍රමාණයක් දකින්න ලැබුණේ විල්පත්තුවේදී. කදිරමලේ ගමන විල්පත්තු සංචාරකයකුට අනිවාර්ය විය යුතුයි.

විල්පත්තුවේ “ඔක්තල්ලුපච්ච” ගොඩදෙනෙක් නොයන පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැනක්. ඉතා අසීරු ගමනක් වුණත් වලසුන් බහුලව ගැවසෙන තැනක් තමයි “ඔක්තල්ලුපච්චු” පුරාවිද්‍යා නටඹුන් තියන තැන.

කැලෑවේ තියන සුන්දරත්වය වචනවලට පෙරළන එක ටිකක් අපහසු කටයුත්තක්. ඒක විඳින්න ඕන දෙයක්. ජීප් ජීවිතේ හරිම සුන්දරයි. ඒ වගේම පෙරකළ කුසල කර්ම අකුසලකර්ම පළදෙන්නත් ජීප් බලපානවා. ජීවිත කාලෙම හැදුවත් ගොඩගන්න බැරි ජීප් සමහරුන්ට හම්බවෙනවා. ඒව පෙරකළ අකුසලකර්ම. පමණක් ජීප් අවුරුදු දහයක් විස්සක් ගියත් ගමනක් ගියාම හුළං ටිකක් බහින්නෙ නැති ජීප් තියනවා. ඒවා ලැබෙන්නෙ පෙර පිනට.ෆෝඩි ආර් ෆයිව් ජීප් රථයක තිරිංග අක්‍රීය වුණත්, දුනුකොලයක් කැඩුනත්, ඇන්ජිමේ බෙල්ට් එකක් කැඩුණත් ලොකු ආබාදයක් වෙන්නෙ නැහැ. හෙමින් සැරේ හදාගන්න පුළුවන් තැනකට එන්න පුළුවන්. ගොඩක් ජීප් කියන්නේ සුඛෝපභෝගී වාහනයක්. ගොඩක් මිල මුදල් ඇති අය විනෝදය සඳහා යොදාගන්නේ ජීප් රථ. එසේ වුණත් අඩු ආදායමක් ඇති අයත් වැඩි වියදමක් නැතිව පාවිච්චියට ගත හැකි රථයක් තමයි ඩී ෆෝ ආර් ෆයිව් ජීප් රථය. ඇත්තටම වැද්දගෙ බජට් එකෙන් සුද්දගේ සතුටක් ගන්නෙ ෆෝඩි ආර් ෆයිව් ජීප් එකෙන් පමණයි.

‍ෆෝඩී ආර් ෆයිව් ජීප් එකෙන් ර‍ට වටේ අමාරු ගමන් යන්න කැලෑවේ සුන්දරත්වය විඳින්න ජීප් එක ගැන හරියටම දැනගන්න කැමැති අය කතා කරමු. 077-1908627‍

දිනුෂි මනතුංග 


නව අදහස දක්වන්න