ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය අත්හිටුවයි | දිනමිණ

ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය අත්හිටුවයි

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

පොලිස් කොමිෂන් සභාවේ සභාපති පී. මනතුංග මහතා සඳහන් කළේ, ඊයේ රැස්වූ පොලිස් කොමිෂන් සභාව ඒ පිළිබඳ තීරණය ගත් බව ය.

අත්අඩංගුවට ගන්නා විට ලලිත් ජයසිංහ මහතා කටයුතු කළේ මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.

විද්‍යා දැරියගේ ඝාතනය සිදුවන වකවානුවේ දී ඔහු උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.

විද්‍යා දැරිය ඝාතනය කර ඇත්තේ ඇය සමූහ දූෂණයකටද ලක්කිරීමෙන් පසුව බව විමර්ශනවලින් හෙලි වී ඇත. ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් මෙම සමූහ දූෂණය සිදු කර තිබුණි.

සැකකරුවන්ට පලා යාම සඳහා ආධාර අනුබල ලබාදුන් බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ චෝදනා ලබා සිටි.

නව අදහස දක්වන්න