ඩෙංගු සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද ? | දිනමිණ

ඩෙංගු සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද ?

ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට විද්‍යාත්මකව පර්යේෂණ සිදු කළ යුතු යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක ප්‍රණාම උත්සවය ඊයේ (20) පස්වරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශිීය වෛද්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු බව සමාජය තුල මතයක් තිබෙනවා. එය සොයා ගත්තෙත් ශ්‍රී ලංකාවෙන්. නමුත් ඉන්දියාව පැපොල් පත්‍ර යුෂ ආශ්‍රයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔස්ට්‍රේලියාවෙත් ඖෂධ නිපදවනවා. මෙම ඖෂධ සුදුසු ද යන්න පිළිබද විද්‍යාත්මක දත්ත සොයාගෙන නැහැ. ඩෙංගු මර්දනය පිළිබද විශේෂඥයින් පැපොල් පත්‍ර යුෂ ඖෂධය පිළිගන්නේ නැහැ. පර්යේෂණ මගින් සොයා ගත යුතුයි. වෙනත් රෝග වලටත් දේශිය වෛද්‍ය විද්‍යාවේ ඖෂධ තිඛෙනවා. විද්‍යාත්මක පර්යේෂණ සිදුකර රෝග නිවාරණයට පියවර ගත යුතුයි.”

“කෘත්‍රීම ඖෂධ වලින් ශරීරයට සිදුවන බලපෑම දේශීය ඖෂධ වලින් සිදු වන්නේ නැහැ. ශාඛසාර ඖෂධවලට ලොකු ඉල්ලුමක් තිඛෙනවා. 2016 වසරේ දී ලෝකය තුල ශාඛසාර ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 64 ක අලෙව් වී තිඛෙනවා. ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ද ආක්‍රමණය කළ යුතුයි. දැනට ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්ව්ස්ටර්ලන්තයට ඖෂධ අපනයනය කරනවා. එමෙන්ම තවත් රටවලට අපනයනය කරන්න. පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ ලෝකයේ ව්ව්ධ රටවලට අපනයනය කරනවා. ආයුර්වේද ඖෂධ සංස්ථාව නව දිශානතියකට ගමන් කරනවා. පසුගිය පසුගිය කාලයේ මෙම සංස්ථාවේ සිටි ඇතැම් අයට එය තේරුම් ගන්න බැරි වුනා. අපි ජාත්‍යන්තර වෙළෙදපොලට යා යුතුයි. පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ වලට වඩා රජයේ ආයතනයක් නිෂ්පාදනය කරන ඖෂධ පාරිභෝගික ජනතාව පිළිගන්නවා. විදේශිය වෙළෙදපොල අත්පත් කරගන්න උත්සාහ කරන්න.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතමනී කරුණාරත්න මහත්මිය, එල්.එචි තිලකරත්න මයා, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා, සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ.

නව අදහස දක්වන්න