පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 433කට දඩ | දිනමිණ

පාරිභෝගික නීති කැඩූ වෙළෙඳුන් 433කට දඩ

පාරිභෝගික අධිකාරියේ කෑගලු දිස්ත්‍රික් මිල පාලන ඒකකය මඟින් මෙම වසරේ ගත වූ මාස 6තුළ දී මිල පාලන නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවිකරන ලද වෙළෙඳුන් වැටලීම්වල දී 433දෙනෙක් අල්ලා ගත් බව කෑගල්ල පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශණ නිලධාරී තුෂාර රෑනපාන මහතා පැවසීය.

අධික මිල ගණන්වලට භාණ්ඩ විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු චෝදනා රැසකට මොවුන්ට කෑගල්ල, මාවනැල්ල, වරකාපොළ, රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරා තිබුණි.මෙසේ නඩු පවරා තිබූ වෙළෙඳුන්ට එම අධිකරණවල දී රුපියල් දහඅට ලක්ෂ අසූදාහක දඩ ගසාඇත.

කෑගල්ල සමූහ පී.එම්.පී. පොල්වත්ත

නව අදහස දක්වන්න