තායිලන්තයේ හිටපු හමුදා ප්‍රධානියාට සිර දඩුවම් | දිනමිණ

තායිලන්තයේ හිටපු හමුදා ප්‍රධානියාට සිර දඩුවම්

මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරු වූ තායිලන්තයේ හිටපු හමුදා ප්‍රධානියෙකුට එරට අධිකරණය විසින් සිර දඩුවම් නියමකර තිබේ.

ඔහුට වසර 27ක කාලයකට සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වරදකරු වශයෙන් නම් කෙරුණු ජනරාල් මනාස් කොන්ග්පැන්, බැංකොක් අගනුවර පැවති නඩු විභාගයකට පෙනී සිටි ඉහළම නිලධාරියා ලෙස සැලකේ.

දෙදහසකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයින් පිරිසක් මුහුදේ අතරමං කිරීම ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව වේ.

මේ අතර ඊට සම්බන්ධ තවත් ප්‍රධාන පෙළේ හමුදා නිලධාරියෙකුට වසර හැත්තෑ පහක සිර දඩුවමක් නියම කෙරුණි.

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තායිලන්තය පැවැත්වූ බරපතලම නඩු විභාගය මෙය බව එරට වාර්තා සදහන් කර තිබේ.

 

නව අදහස දක්වන්න