'පරම්පරා දේශපාලනය නවත්තමු' - ටිල්වින් | දිනමිණ

'පරම්පරා දේශපාලනය නවත්තමු' - ටිල්වින්

පරම්පරාවෙන් ශ්‍රී ලංකා, යූ.එන්.පී කිව්ව දැන් ඇති. පරම්පරාවෙන් එන්නෙ අපේ වාසගම විතරයි. පක්ෂ පරම්මරාවෙන් පරම්මරාවට එන්නේ නැහැ. අනික එදා ඉඳලාම වලව්කාරයෝ රට පාලනය කරන එක අපි නවත්වමු. 2020 දී තමුන්නානන්සේලා ගේ හදවතට සමීප , දේශීය ආර්ථිකයක් අපේම කිවහැකි නව නිපැයුම් වලින් හෙබි ජ.වි.පෙරමුණේ ආණ්ඩුවක් බිහිකිරීමට දැන් සිටම පෙල ගැසෙමු, යැයි ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බිහිකිරීමට දැන් සිටම පෙල ගැසෙමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
 
පෙරේදා (19) කන්තලේ 84 පේරමඩුව හන්දියේ පැවැති සංවාද ශීලි ජනතා හමුවක් ැමතමින් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
 
ඒ මහතා මෙසේද පැවසීය, ඡන්දයකුත් ලඟ නැතිව ලංකාව පුරාම අපි මේ ජනහමු තියන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති. මේ වනවිටත් පැවැත්විය යුතු ඡන්ද තියන්නේ නෑ. අපි ආවේ ඡන්දයකට ඡන්දය ඉල්ලන්න නොවෙයි. ඡන්දයක් ආවාම තමයි අනෙක් අය එන්නේ. ඡන්දයක් නැති වෙලාවක ඕනම කෙනෙක් අපි කියන කථා අහනවා.
 
මේ දෙගොල්ලන්ගේ ආණ්ඩුවට දැන් අවුරුදු 2 1/2   වෙනවා. නමුත් දුන් පොරොන්දු එකක්වත් ඉටු කරලා නෑ. පරණ ආණ්ඩුව කල දේම කරනවා. ආර්ථිකය සංවර්ධනය කරලා සාක්කු පුරවනවා කියපු අය දැන් ණය තියෙනවා, ආර්ථික අර්බූදයක් තියෙනවා කිය කියා ජනතාව ගේ සාක්කුව ශුද්ධ කරනවා. වංචා කාරයෝ, හොරු අල්ලනවා කිව්වා. ඒත් දැන් වෙලා තියෙන්නේ හොරු ටික ඇවිල්ලා ආණ්ඩුව අල්ලගෙන. පරණ හොරුයි අළුත් හොරුයි එකතුවෙලා හොරකම් කරනවා. 
ආණුඩුව ආපු ගමන්ම පටන්ගත්තා හොරකම් කරන්න . ලොකුම හොරකම කෙරුවා. වංචා, දූෂණ , ලේකම් කාර්යාලය වහලා දැම්මා. ලංකාවේ තැන් තැන් වල දැන් ආණ්ඩුවට විරද්ධව උද්ඝෝෂණ කරනවා. නිදහස් අධ්‍යාපනය අහෝසි කරලා සල්ලි වලට උපාධි කඩ දාලා .මාලඹේ වෛද්‍ය විද්‍යාල ඇරලා ලක්ෂ 125 කින් දොස්තර කෙනෙක් හදන්න . මේවාට විරුද්ධව විශ්ව විද්‍යාල සිසුන් , වෛද්‍ය වරු, ආචාර්ය වරු, දෙමාපියන්, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න දැවැන්ත අරගලයක් කරනවා.
ආණ්ඩුව එ්කට කන් නොදී මුදලාලිලා ආරක්ෂා කරනවා.ඡන්දෙ දීපු දහස් ගණනක් මිනිස්සු අගය කිරීමක් නෑ.
 
ගොවීන්ට ප්‍රශ්ණ තුනක්  තියෙනවා. පහුගිය ආණ්ඩුව වතුර දුන්නේ නෑ. වී වගාව නතර කරලා පසුගිය මහ කන්නය පාළුවුනා.වන්දියක් ඉල්ලුවා. ජනාධිපති එකඟවුනා මාසයකට 1000 ගානේ මාස හතරට 40,000 ක මුදල පොරොන්දුවක් විතරයි.එක මාසයකට 8500 ක් දීලා ඒක නැවැත්තුවා.
 
කිරි ගොවියා අමාරුවේ දමමින් ආණුඩවේ කොම්පැණි කාරයෝ අඩු ගානට පිටරටින් කිරි ගේනවා. ගොවියාගේ කිරි කැලේට විසිකරනවා.කිරි ගොවියෝ තමන්ගේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කරනවා. රත්නපුරය පැත්තේ ගම්මිරිස් වගා කරුවෝ ඔවුන්ගේ ගැටළු පෙන්වා අරගල කරනවා.
 
රාජ්‍ය ආයතන විකුණන් ලෑස්ති වෙලා. කොළඹ ජැටිය විකුණන්න යනවා. වරායෙ සේවකයෝ අරගල කරනවා. රාජ්‍ය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුපට අත තියලා. ඒක කපලා . රටේ හැම තැනම විවිධ අරගල . හම්බන්තොට වරාය විණන්න එපා කියලා සටනක්. උමාඔය හරවන්න කියලා හර්තාල් . බදුල්ල , අමිපාර, මොනරාගල මායිම් වුන අක්කර 62000 ක් පමණ ඉඩම් පිටරට සමාගමකට දෙන්න , කැලේ කපලා අළුතින් සීනි කම්හලක් හදන්න යනවා. කන්තලේ තිබුණ සීනි කම්හල වහලා. ඒකෙ බඩු ටික විකුණනවා. වහපු එක පටන් ගන්නේ නැතිව අළුතින් අරිනවා. පෞරාණික වටිනා කම් ඇති රක්ෂිත කැලෑ ටික දෙන්න එපා කියලා ඌව වෙල්ලස්ස ජනතාව ලොකු උද්ඝෝෂණයක් කරනවා. ලොකු කුඩා හැමෝම උද්ඝෝෂණ වල. හැබැයි පාරට බහින් බැරි පිරිසකුත් ඉන්නවා.මේ පැත්තෙන් ඉන්නවා සිවිල්ආරක්ෂක භටයින්. ඒ අය ගඩොල් කපනවා. එයාලට අරගල කරන්න බෑ. පොළිසියෙ අයටත් ගැටළු තියෙනවා.නිල ඇඳුම් නෑ. සීමා කරලා. මේ රටේ ජීවත් වන හැමෝටම ප්‍රශ්ණ . ආණ්ඩුව විසඳලා ලෑ.
 
ආණුඩුවට ආර්ථික සැළසුම් නෑ. ජනතාවට සහන දුන්නෙත් නෑ. හොරු ඇල්ලුවෙත් නෑ ඡන්දෙ තියන්නෙත් නෑ. හරියට ආණුඩුවක් නෑ වගේ.වම් අත කරනදේ දකුණු අත දන්නේ නෑ. එකාට එකා නැති හවුල් ආණුඩ වලින් වැඩක් නෑ. 
හැබැයි මේ ආණුඩුව පරද්දන් කලින් අපි තීන්දුවක් ගන්න ඕනෑ . මේක ගෙදර යවලා ගේන්නේ මොන ආණුඩුවද කියලා. අපි ඉතිහාසය පුරාවටම ආණඩු පෙරලපු එක විතරයි කළේ. පෙරලලා කලින් සැරේ පරද්දපු ආණුඩව ගේනවා. ආයෙත් අපි මහින්ද ගේනවද? එයා කරපුවා මතක නැද්ද? මෙයාලා පෙලපාළි වලට ගහනකොට මහින්ද කියනවා අන්න පෙළපාලි වලට ගහනවා කියලා එයා මොකද කළේ. වෙඩි තිබ්බා. අපේ හාමුදුරුවනේ අපි නම් මහනායක තුමන්ලාට සවන් දුන්නා මෙයාල එහෙම නෑ කියනවා.  දළදා මාලිගාව පාරේ කාර් රේස් තිබ්බා . මහනායක වරු එපා කිව්වේ නැද්ද . ඇහුවද ? රුසියාවෙන් ගණිකාවොත් ගෙන්නලා නැටෙව්වා.
 
කළුපාට කේතලේ කියනවා මුට්ටියට හරී කළුයි කියලා ඒ වගේ තමයි මහින්ද . අපි හාමදා කළේ  පරාදවුනු ආණ්ඩු නැවත බලයට පත්කර ගන්න එක.අපේ රට හදන්න නම් ආචාර්ය මහාචාර්ය වරු , කලා කරුවෝ, මාධ්‍යෙව්දීන් ,ඒකරාශී කරලා බලයක් ඇති සංවිධානයක් හදනවා.ඒකෙන් 2020 අළුත් ආණුඩුවක් හැදිය හැකියි.
 
රට හදන්න නම් ඔබ වෙනස් විය යුතුයි. තේ කර්මාන්තය, පොල් කර්මාන්තය ,නැති කරලා දැම්මා .රබර් කර්මාන්ය වැට්ටුවා. හැබැයි මේවා වැහුවට මොනවත් හැදවේ නැහැ.අපිට ආදායම් මාර්ග එන මොනවත්ම මේ දෙගොල්ල හැදුවේ නෑ. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොල, හැදුවා වැඩක්නෑ. වැඩක්නෑ. තේරුමක් නැති වැඩ මේ හැම ආණුඩුවක්ම මහජන මුදල් සමග සෙල්ලම් කරනවා. ආණුඩවේ ලොක්කන්ට වාහන ගේන්න කොච්චර සල්ලි යනවාද .අමාත්‍යාංශ වලට පහසුකම් දෙන්න කෝටි ගණන් වැය කරනවා.
 
දැන් මේ අයට රැවටුනා ඇති . අවුරුදු 69 ක් මේ පක්ෂ දෙකට දුන්නා ඇති. ඡන්දෙ දෙන්නේ අපේ පන්තියේ මිනිස්සු. බලය ගන්නේ වලව් පැලැන්තියේ අය.අපි හැමෝම එකතුවෙලා 2020 දී හොරු නැති අළුත් රටක් හදමු. ඒ සඳහා අප සමග එකතු වන ලෙසට ඔබ සැමට ආයාචනා කරනවා.
 
මෙහිදී ගොවි ව්‍යාපාර එකමුතුවේ සභාපති ඉන්දික පරණවිතාන මහතා ද ජනතාව අමතන ලදී.
 
(කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි)
 

නව අදහස දක්වන්න