‘උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද ඕනෑම අයෙකුට තිබෙනවා’ | දිනමිණ

‘උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද ඕනෑම අයෙකුට තිබෙනවා’

 උද්ඝෝෂණය කිරීමේ අයිතිය හා නිදහස ඕනෑම අයෙකුට තිබෙන බවත්, පසුගිය සමයේදි මාධ්‍යවේදීන් අතුරුදන් කරන යුගයක් පැවැති බවත්, විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම අද වනවිට ලෝක උරුම ස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද යම් මත භේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ලෝක උරුමයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් ඇමැතිවරිය සඳහන් කළාය.

ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය මේ බව සඳහන් කළේ රත්නපුර, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී (15) පැවැති පසුගිය දිනවල ඇතිවූ ගංවතුර හා නායයාම්වලින් හානියට පත් වූ පවුල් සඳහා ගෙවල් කුලී ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

මෙහි දී ආපදාවට ලක්වූ පවුල් හතළිස් අටක් වෙනුවෙන් ගෙවල් කුලී දීමනාව සහ පවුල් 16ක් වෙනුවෙන් සනීපාරක්ෂක උපකරණ දීමනාව ලබාදීම සිදුවිය.

එහි දී වැඩිදුරටත් ඇමැතිවරිය මෙසේද සඳහන් කළාය. මම ඇඹිලිපිටියේ ඉන්නකොට මට දැනගන්න ලැබුණා .උද්ඝෝෂණයක් තියනවා කියලා. ගම්මිරිස්වලට මිල අඩු වෙලා කියලයි උද්ඝෝෂණය කරන්නේ.උද්ඝෝෂණය කරන්න අවස්ථාවක් මේ ආණ්ඩුව ලබා දීලා තියනවා. හැමදාම අපි කොළඹ අමාත්‍යංශයකට ගිහින් වැඩේ ඉවරවෙලා එන්න බලනකොට එන්න බැහැ හැම පැත්තෙන්ම පාරවල් හිර වෙලා. ඒ තරම් නිදහසක් අද රටේ ඇති වෙලා. අපේ ජනපතිතුමාත් අගමැතිතුමාත් හැම තිස්සේම කියන දෙයක් තමයි. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්ත අය හැටියට ජනතාව මර්දනය කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරලා තියනවා. ගම්මිරිස්වල මිල බහිනකොට පාරට ඇවිත් උද්ඝෝෂණය කරන්න තරම් මේකේ පසුබිමේ මොකද්ද තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනෑ.

පහුගිය දවස්වල දඹුල්ල විහාරය ගැන ලොකු කතා බහක් ගියා. පින් කැටයටත් වැඩක් දෙන ආණ්ඩුවක් කියලා. දඹුල්ල විහාරය විතරක් නෙමෙයි, මේ රටේ ලෝක උරුමයක් විදියට නම් කළ ස්ථාන කිහිපයක් තියනවා.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් ගයනී කරුණාරත්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 

නව අදහස දක්වන්න